දුම්රිය වර්ජනය අත්අහිටුවයි - UPDATE | දිනමිණ

දුම්රිය වර්ජනය අත්අහිටුවයි - UPDATE

 
දුම්රිය සේවක වර්ජනය අත්හිටවූ බව දුම්රිය සේවකයෝ පවසති. සිය ඉල්ලීම් සඳහා කැබිනට් අනුමැතිය හිමිවීම හේතුවෙන් මෙලෙස ඔවුන් වර්ජනය අත්හිටුවා ඇත.
 
ඒ අනුව සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරෙන බව කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු පැවසීය.
 
දුම්රිය සේවකයින්ගේ වැටුප් ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
 
කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඒ පිළිබඳ තහවුරු කර ඇත.

දුම්රිය නවතියි  - UPDATE
 
සිය ගැටලුවට විසදුම් නොලැබීම හේතුවෙන් අද (09) මධ්‍යහනයේ සිට දුම්රිය වර්ජනය සිදු කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.
 
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලින් ගමන් ඇරඹෙන සියලුම දුම්රිය මේ මොහොතේ දී නවතාදමා ඇත.
 
ඊයේ (08) මධ්‍යම රාත්‍රි 12 සිට ආරම්භ කිරිමට නියමිතව තිබූ මෙම වැඩ වර්ජනය පැය අද මධ්‍යහන 12 දක්වා පැය 12 කින් තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති කටයුතු කළේය.
 
අද (09) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් අනුමත කරදෙන බවට අමාත්‍ය සරත් අමුණුගම මහතා ලබාදුන් පොරොන්දුවක් මත මෙසේ වැඩවර්ජනය පැය 12 කට තාවකාලිකව නවතා දැමුණි.
 
කෙසේ වෙතත් පොරොන්දුව ඉටු නොවුණහොත් හෙට දහවල් 12 සිට අඛණ්ඩව වැඩ වර්ජනය ආරම්භ කරන බවද එම වෘත්තීය සමිති සඳහන් කර තිබුණි.

නව අදහස දක්වන්න