පාපැදි ක්‍රීඩකයන් පිටුපසින් ආධාරකරුවන්ගේ යතුරුපැදි වාහන ධාවනය තහනම් | දිනමිණ

පාපැදි ක්‍රීඩකයන් පිටුපසින් ආධාරකරුවන්ගේ යතුරුපැදි වාහන ධාවනය තහනම්

වර්නන් ගුණසේකර

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පාපැදි තරගවලදී ආධාරකරුවන්ගේ යතුරුපැදි හා වාහන ක්‍රීඩකයන් පිටුපසින් ධාවනය කිරීම මින් ඉදිරියට තහනම් කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති එන්.කරුණාරත්න මහතා පවසයි.

දිවයිනේ පාපැදි තරග ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව සංවිධාන කර මෙහෙයවීම මෙහි අරමුණ බව ඒ මහතා කියයි.

නව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසුව තරගයට සහභාගි වන සෑම ක්‍රීඩකයෙකුටම සමාන අයුරින් ආධාර උපකාර ලබා ගැනීමට හැකිවන අතර තරගකරුවන්ට, ආධාරකරුවන්ට හා ක්‍රීඩා සමාජවලට දැරීමට සිදුවන වියදම්ද අවම වනු ඇත.

පාපැදි තරග පැවැත්වෙන අතරතුර මහජනතාවට මුහුණ දීමට සිදුවන අපහසුතා මගහරවා ගැනීමටත්, ඒ තුළින් පාපැදි ක්‍රීඩාව කෙරෙහි මහජනතාවගේ ප්‍රසාදය හා ආකර්ශනය දිනා ගැනීමටත් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය බලාපොරොත්තු වෙයි.

තරගයට අවම වාහන සංඛ්‍යාවක් යොදා ගැනීමෙන් තරග විනිසුරුවන්ගේ කාර්යභාරය වඩාත් පහසු කෙරෙනු ඇත. 

නව අදහස දක්වන්න