විසිතුරු මත්ස්‍ය අලෙවියේ 12ස්වන තැන | දිනමිණ

විසිතුරු මත්ස්‍ය අලෙවියේ 12ස්වන තැන

 ලෝකයේ විසිතුරු මත්ස්‍ය අපනයනය සිදු කරන රටවල් අතර මේ වනවිට 12 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි නාරා ආයතනය පවසයි. මේ අනුව ලෝක විසිතුරු මත්ස්‍ය ඉල්ලුමෙන් 03%ක් මේ වනවිට ශ්‍රී ලංකාව විසින් ලබාදෙන බවත්, මේ තත්ත්වය තවත් වර්ධනය කිරීම සඳහා විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද එම ආයතනයේ මාධ්‍ය හා ව්‍යාපෘති නිලධාරී තරංග බුද්ධික මහතා සඳහන් කළේය. මේ මස 11 වැනිදා සිට සති අන්තයේ දින තුන බැගින් නව පුහුණු වැඩමුළු පවත්වන බව ද ඔහු පවසා සිටියේය.

0112521000 දුරකථන අංකයෙන් අභ්‍යන්තර ජලජීවී වගා ඒකකය ඇමතීමෙන් මේ පුහුණු වැඩමුළුවට සම්බන්ධ විය හැකි බවද තරංග බුද්ධික මහතා සඳහන් කළේය. ස්වාභාවිකව අභිජනනය කළ නොහැකි විසිතුරු මත්ස්‍ය විශේෂ කිහිපයක් නව තාක්ෂණය යොදාගෙන අභිජනනය කර තිබෙන බවත්, මේ දැනුම පවා ජනතාවට ලබාගත හැකි බවත් ඔහු පවසා සිටියේය. විසිතුරු මත්ස්‍ය වගාව දියුණු කිරීමට සාපේක්ෂව මත්ස්‍ය ආහාර සැකසීම සඳහා ද ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කරමින් තිබෙන බවද මාධ්‍ය හා ව්‍යාපෘති නිලධාරීවරයා සඳහන් කළේය.

නව අදහස දක්වන්න