Friday, මැයි 11, 2018 - 13:07
Lake House Digital කණ්ඩායමේ අප හට නොසිතු විරූ පාරාදීසයක් කරා පිය නැගීමට අපට හැකි විය.
සුන්දර පාරිසරික තත්ත්වයන්ගෙන් පරිපූර්ණ මේ ප්‍රදේශය බාහිර ලෝකයෙන් වසන් වී ලොවට විශාල මෙහෙයක් සිදු කරන බව අපහට එහි ගිය විට දැක ගැනීමට ලැබුණි.
යුධමය තත්ත්වයකදී වනාන්තර තුල ඇති විෂ සහිත සර්පයන්ගෙන් දිවි බේරා ගැනීමට පුහුණුව ලැබිය හැකි ආසියාවේ ප්‍රථම විශේෂ බලකා සර්ප සංරක්ෂණ සහ ඉගෙනුම් මධ්‍යස්ථානය ලෙස මෙම කදවුර හැදින්විය හැක.
මේ වන විට ලොව ප්රමුඛ පෙළේ විශේෂ බලකා භට ණ්ඩායම් 06ක් වෙත මෙම හරිත භූමිය තම සේවය සපයා ඇත.
මීට අමතරව මෙම ස්ථානයකදී විශාල ඖෂධ ශාක රැසක් දැකිය හැකි අතර වනගත දිවි පෙවතකදී වැඳගත්වන ඖෂධන් ගෙන් මෙම ස්ථානය පරිපූර්ණය.
මෙහි ඇති විශේෂත්වය වන්නේ විවිධ පැළෑටි පිළිබඳ පුහුණූවද මෙම ස්ථානයේ දී ලබා දීමයි.
මෙම පරිසරයේ සුන්දරත්වය වීඩියෝවක් මගින් ඔබට නැරඹීමට අවස්තාව සැලැස්වීමට හැකි විය.
වීඩියෝව පහතින් -
නව අදහස දක්වන්න