පොදු රද මඬුලු පදක්කම් දිනූ බර ඉසීලිමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ සුහද හමුවක් | දිනමිණ

පොදු රද මඬුලු පදක්කම් දිනූ බර ඉසීලිමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ සුහද හමුවක්

රිදී පදක්කම් දිනූ ඉන්දික දිසානායකට ක්‍රීඩා ඇමැතිවරයා අතින් සමරුවක් ලබාදුන් අයුරු.

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හි නිමාවූ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් ඇතුළු පදක්කම් ජයග්‍රහණය කළ සහ ඒ සඳහා සහභාගී වු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම මෙන්ම ශ්‍රී ලංකා බර ඉසිලීමේ පදනම්වාදී සංගමය සඳහා උදව් උපකාර කළ සියලු ආයතන සහ පිරීස් වෙනුවෙන් බර ඉසිලීමේ සංගමය සංවිධාන කළ සුහද හමුව ක්‍රීඩා ඇමැති ජනාධිපති නිතීඥ ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණි.

එම අවස්ථාවට ක්‍රීඩා සහකාර අධ්‍යක්ෂක ආර්. බී. වික්‍රමසිංහ, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, ශ්‍රී ලංකා බර ඉසිලීමේ පදනම්වාදී සංගමයේ සභාපති නාලක හේවාමද්දුම මහත්වරු සහ ව්‍යපෘති නිලධාරින් සහභාගිවූහ.

නව අදහස දක්වන්න