අභ්‍යවකාශගාමියෝ | දිනමිණ

අභ්‍යවකාශගාමියෝ

සෝවියට් ලේඛිකා වැලන්ටිනා සූර්වල්යෝවා

තැනිතලාවේ වූ හිම සුළගින් ගසාගෙන ගියේය. ක්‍ෂතිජය දෙසින් අරුණාලෝකයක් වැටීගෙන එයි.

වසර දහ හතර තිස්සේම සම්පත් පාලනය කළ සුක්‍ෂම ප්‍රතික්‍රියාකාරකය වියරුවෙන් මෙන් මොර දෙන්නට විය. විද්‍යුත් යන්ත්‍රයට වැඩසටහන ඇතුළත් කළ කපිතාන්වරයා තමාගේ මැදිරිය වෙත ගියේය. විනිවිද පෙනෙන වහලෙන් ඉහළ තරු දක්නට ඇත. පෝලූස් යානය පෘථිවිය දෙසට වේගයෙන් ඇ දී යයි.

බොහෝ ප්‍රමාද වුවත් මම අධ්‍යක්‍ෂවරයාව ඇමතීමට තීරණය කළෙමි. සුරාබින්ගේ තවත් පින්තූර ගැන ඔහු සඳහන් කළා මට මතකය.

අධ්‍යක්‍ෂවරයා අසුන්ගෙන සිටියේය.

"මම දන්නවා ඔබ පැමිණෙන බව.......”එසේ කියමින් ඔහු උපැස් යුවළ පැළඳ ගත්තේය. "අපි යමු ඊළඟ දොරටුවට”

ප්‍රතිදීප්ත විදුලි බල්බයෙන් ආලෝකවත් කර තිබූ යාබද කාමරයේ මධ්‍යම ප්‍රමාණයේ පින්තූර දෙකක් එල්ලා තිබේ. මුල දී මට ඇති වූ සිතිවිල්ල වූයේ අධ්‍යක්‍ෂවරයා වරදක් කර ඇති බවයි. සුරාබින් මෙම සිතුවම ඇඳිමට ඉඩක් නැත. උදෑසන මා දුටු වර්ණ සංයෝජන පිළිබඳ පර්යේෂණ ගැන කිසිවක් මෙහි නැත. මේ සාමාන්‍ය භූමි දර්ශන දෙකකි. ඉන් එකක පාරක් සහ ගසකි. අනෙක කැලෑවක කෙළවර දර්ශනයකි.

"ඔව් මේක සුරාබින්ගෙ......”මගෙ සිතිවිලි කියවූවාක් මෙන් අධ්‍යක්‍ෂවරයා පැවසුවේය. "ඇත්තටම ඔබත් දන්නා පරිදි ඔහු ඉන්නෙ ග්‍රහලෝකයට පිටුපසින්. ඒක ජීවිතය පිළිබඳ අවදානම් අවස්ථාවක් වාසනාව උරගා බලන. මම කියන්නෙ ගගනගාමියෙක් වශයෙන්...... පැරැණි ගගනගාමියෙක් හැටියට....”අධ්‍යක්‍ෂවරයා උපැස් යුවළ සකස් කර ගෙන දිගටම කියාගෙන ගියේය. "ඉතින් සුරාබින් කළේ මොකක්ද? හොඳයි ඔබ දැනටමත් දන්නවා ඒ ගැන. අවුරුදු දහ හතරක් තිස්සේ ගබඩා කර තිබූ බල ශක්තිය දෙස ඔහු සති හතරක් බලා සිටියා. ඔහු පාලනය නැවත ස්ථාපිත කර පොලූස් යානය ඊට අදාළ කාර්යයට යෙදුවා. රොකට්ටුව සාමාන්‍ය වේගයට ආවම තිරිංග ක්‍රියා කරවා යානයේ කාර්ය මණ්ඩලය අතට පාලනය බාර ගත්තා. ඒ වන විට සුරාබින්ගේ සුක්‍ෂම ප්‍රතික්‍රියාකරකයට බලයක් තිබුණෙ නැහැ. ඒත් ඔහුට ඒ ගැන කළ හැකි දෙයක් තිබුණෙත් නැහැ. එතකොට තමයි ඔහු මේ සිතුවම අඳින්නට පටන් ගත්තෙ. එයින් පෙනී යන්නෙ ඔහු ජීවිතයට සහ පෘථිවියට දැක්වූ ආදරයයි”

ගම්බද පාර උස්ව නැගි සිටී. එහි පැත්තක විශාල ඕක් ගසකි. එය ප්‍රාණවත්ව නැ‍ඟී සිටී. සුළගින් කුඩා වලාකුළු පාවී යයි. කාණුවක කෙළවර පර්වතයකි. ටික වෙලාවකට පෙර එහි පොහොසත් වෙළෙන්දකු වාඩිගෙන සිටි බව පෙනී යයි. සියලු විස්තර ප්‍රවේසමින් සහ අලංකාර ලෙස දීප්තිමත් වර්ණයන්ගෙන් සහ අඳුරු සෙවනැලිවලින් හැඩ ගන්වා ඇත.

ඊළඟ පින්තූරය අවසන් කර නැත. එය වසන්ත සෘතුවේ කැලෑවක දර්ශනයකි. ආලෝකය උණුසුම ආදී සියල්ල දැනෙන පරිදි කළ අපුරු සිතුවමකි. සුරාබින් සැබෑම වර්ණ සංයෝජකයෙකි.

"මම මේ පින්තූර පෘථිවියට ගෙනාවා”අධ්‍යක්‍ෂවරයා සන්සුන් ලෙස කීවේය.

"ඔබ?”

"ඔව්”ඔහුගේ කටහඬ කල්පනාවට බර වූ අතර සමාව ඉල්ලන ආකාරයේ එකක් විය.

"ඔබ හොයන ලියවිලිවල කෙළවරක් නැහැ. ඒ එක් ගමනක කොටසක් විතරයි. පොලූස් යානය ආපසු පැමිණි විගසම සියලුම උපකරණ සමඟම විපතින් මුදා ගැනීම සඳහා රොකට්ටුවක් පිටත් කළා. යානයේ ගමන ඉක්මන් කරන්න කළ යුතු සියලු දේවල් කළා. ඔවුන්ට ග්‍රහලෝකයට යාමට හැකි වුණත් හරිතාගාරය සොයා ගත හැකි වුණේ නැහැ. විශාල අවදානාමක් ඇතිව ගිය ඔවුන් ආපසු ආවෙ හිස් අතින්. ඊට පස්සෙ අවුරුදු ගාණකට පස්සෙ මාව යැව්වා. අතර මඟදි අපේ යානය අබලන් වුණා”ඔහු උපැස් වෙත අත යැව්වේය. "ඒත් අපි ගියා. අපට හරිතාගාරයත් පින්තූරත් හමු වුණා. ඒත් එක්කම කපිතාන්ගෙ සටහනක්”

"ඒකෙ මොනවද තිබුණෙ?”

"ඒක පේලියයි. බැරි දේ කරන්න උත්සාහ කරමු. ඉදිරියට ගිහින් මුහුණ දෙමු”

අපි නිහඬවම පින්තූර දෙස බැලුවෙමු. සුරාබින් මේ සියල්ල අඳින්නට ඇත්තේ තම මතකයෙන් බව මට එක්වරම සිහිපත් විය. ඔහු වටා ඇත්තේ හිම තට්ටුවකි. බර්නාඩ් තරුවේ රතු ආලෝකයෙන් දිළිසෙන හිමයි. ඔහු සිටින සීමාවේ ඇත්තේ උණුසුම් රතු වර්ණය පමණි. අයිතම 12 ඔහු සත්‍යය ලියා ඇත. "මම පෞද්ගලිකවම පෘථිවියටත් එහි ජීවීන්ටත් මිනිසුන්ටත් ආදරය කරමි.”

ලේඛනාගාරයේ පාළු ආලින්දය තවමත් නිශ්චලය. කවුළු විවෘත කර ඇත. සුළඟ වැදීමෙන් මුහුදු රළ වේගයෙන් උස් පහත් වෙයි. මුහුදු රැළි පෙරළෙන්නේ රිද්මයකට අනුවයි. කළ නොහැකි දෙයක් වුණත් ඊට මුහුණ දෙන්න යන්න කියන්නාක් මෙන් රැළි පෙරළෙයි. විරාමයක්.... තවත් රැල්ලක්. ඉදිරියට යන්න. රැල්ල කොඳුරන්නාක් මෙන් කියයි. යළිත් විරාමයක්.

මට රැල්ලට පිළිතුරු දීමට අවශ්‍ය විය. ඔව්. ඉදිරියටම යන්න. ඉදිරියටම... හැම විටම ඉදිරියටම.....

අනුවාදය බොබී ජී. බොතේජු 

නව අදහස දක්වන්න