නයිරාස් යෝජනා සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකන් නංවනවා | දිනමිණ

නයිරාස් යෝජනා සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකන් නංවනවා

කමනි අල්විස්

ජාත්‍යන්තර සුප්‍රසිද්ධ නයිරාස් සංවිධානය ඉදිරිපත් කර තිබෙන යෝජනා දහය සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අංශ ප්‍රධානීන් ලබාදුන් ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් ගුවන් සේවාවේ උන්නතිය උදෙසා ඵලදායි ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කළ බව ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා ‘දිනමිණ’ට පැවසීය.

මේ අනුව ඇතැම් ගුවන් ගමන් මාර්ගවල වෙනසක් සිදු කිරීමට ක්‍රියාකරගෙන යන බවත් ඊට හේතුව අධික පාඩු සිදුවීම් වළක්වා ගැනීම බවත් පැවසූ රංජිත් ප්‍රනාන්දු මහතා ඇතැම් ගුවන් යානා වෙනුවෙන් ගෙවීමට සිදුවී තිබෙන රුපියල් කෝටි ගණන් වූ මාසික කල්බදු (ලීසිං) සම්බන්ධව සහනයක් ලබාගැනීමට අදාළ සමාගම් සමඟ සාකච්ඡා ආරම්භ කළ බවත් පැවසීය.

ගුවන් සේවාව ලබා‍ෙගන තිබෙන කෝටි ගණන් ණය මුදල් සඳහා වන ඉහළ පොලී අනුපාතයන් වෙනුවෙන් සහනයක් ලබාගැනීමට බැංකු සහ කල්බදු ආයතන සමඟ සාකච්ඡා සිදු කරන බවත් රංජිත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කෙළේය.

ඉහත සඳහන් ප්‍රධාන යෝජනා තුන ඇතුළුව යෝජනා දහය සම්බන්ධව අංශ ප්‍රධානීන් අධ්‍යයන සහ පුළුල් සාකච්ඡා සැළකිල්ලට ගනිමින් ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ උන්නතිය උදෙසා සුවිශේෂි ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණව සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කෙළේය. ‘දිනමිණ’ කරන ලද විමසීමකදී සභාපතිවරයා මෙම තොරතුරු අනාවරණය කෙළේය.

නව අදහස දක්වන්න