කෝටි එකහමාරක චෙක් පත් වංචාවක් කළ කතක් අත්අ‍ඩංගුවට ගන්න සොයයි | දිනමිණ

කෝටි එකහමාරක චෙක් පත් වංචාවක් කළ කතක් අත්අ‍ඩංගුවට ගන්න සොයයි

විජයානි එදිරිසිංහ

රුපියල්‍ කෝටි එකහමාරකට වඩා වටිනාකමකින් යුත් චෙක් පත් වංචාවක් සම්බන්ධයෙන් ගල්කිස්ස ප්‍රදේශයේ කාන්තාවක් පොලිසිය අත්අ‍ඩංගුවට ගැනීමට සොයයි.

ගල්කිස්ස ප්‍රදේශයේ සිතාරා බතික් නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් නිමි ඇදුම් සපයන පුද්ගලයන්ගෙන් එම ඇදුම් ලබාගෙන ඒ සදහා අගරු චෙක් පත් ලබා දෙමින් රුපියල් කෝටි එක හමාරකට අධික මුදලක් වංචා කර ඇති බව පොලිසිය කියයි‍.

දෝන සිතාරා ගිතානි කළුආරච්චි නම් වන මෙම කාන්තාව වයස අවුරුදු 50ක් පමණ වෙයි. ඇයගේ ජාතික හැදුනුම් පත් අංකය වන්නේ 687611799V වෙයි. අංක 194/31 තල්ගහහේන පාර මොරටුව සහ නො 06 උයන පාර මොරටුව යන ලිපිනයන් ඇය පදිංචි වි සිට ඇත. මෙම සැකකාරිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය පවත්වන ලද පරික්ෂණයකට අනුව ඇය රුපියල් ලක්ෂ ගණනාවක වංචා සිදු කරන ලද බව අනාවරණය වී ඇති ඇතර ඒ සම්බන්ධව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇය වෙනුවෙන් වරෙන්තු ද නිකුත් වි ඇත. ඇය අධිකරණය මඟ හරිමින් සිටියි.

මේ අතර එම කාන්තාව සම්බන්ධයෙන් අපරාධ පරික් ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණ පැමිණිල්ලක් මත පරික්ෂණ සිදු කර ඇය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණ ඉදිරිපත් කර ඇත. ඒ සම්බන්ධයෙන්ද ඇයට වරෙන්තු නිකුත් වි තිබේ. රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් ‍වංචා කරන ලද එම සැකකාරිය අත්අඩංගුවට ගැනිමට සහාය ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටියි.

ඒ අනුව ඇය සම්බන්ධව තොරතුරක් වෙතොත් 0112729621 හෝ 0772591664 යන අංකවලට දැනුම් දෙන ලෙසදද පොලිසිය ඉල්ලා සිටියි.

නව අදහස දක්වන්න