ධීවරයන්ට භූමිතෙල් සහනය දෙන්න බිලියන 4ක් අනුමතයි | දිනමිණ

ධීවරයන්ට භූමිතෙල් සහනය දෙන්න බිලියන 4ක් අනුමතයි

ධීවරයින් සඳහා වූ භූමිතෙල් සහනය ලබා දිම සඳහා රුපියල් බිලියන 4ක් අනුමත වී ඇත.

ඉන්ධන මිල ඉහළ දැමු ඉකුත් 10 වැනි දා සිටම ක්‍රියාත්මක වන පරිදි භුමිතෙල් සහනය ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

ඒ සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා ඊයේ (15) කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබිණි.ඉන්ධන මිල ඉහළ දමා ඇති බැවින් ධීවර ජනතාවට ඉන්ධන සහන මිලට ලබාදිය යුතු බවට ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට මෙමගින් යෝජනා කර තිබුණු අතර බහුදින යාත්‍රා සඳහා ඩීසල් සහනයක් ලබාදිය යුතු බවටද ඇමැතිවරයා කර තිබු ඉල්ලීමට අැමැති මණ්ඩලය අනුමැතිය හිමිවී නොමැත.

ඒ අනුව පිටත එන්ජිම සවිකරන ලද පාරම්පරික ධීවර යාත්‍රා සඳහා භූමිතෙල් සහනාධාරය ලබා දීමට වැය වන මුදල රුපියල් මිලියන 349 කි. පිටත එන්ජිම සවිකරන ලද ෆයිබර් ග්ලාස් යාත්‍රා සඳහා භුමිතෙල් සහනාධාරය ලබා දීමට වැය වන මුදල රුපියල්මිලියන 3368 කි.මේ සඳහා ඇස්තමේන්තු ගත මුළු මුදල රුපියල් මිලියන 3718 ක් වේ.

නව අදහස දක්වන්න