භූමිතෙල් සහනය 74,843ක් සඳහා ලබාදී තිබෙනවා | දිනමිණ

භූමිතෙල් සහනය 74,843ක් සඳහා ලබාදී තිබෙනවා

සමෘද්ධි හා වතුකරයේ  විදුලි පරිභෝජනය නොකරන  47,555 දෙනෙකු සඳහා භූමිතෙල් සහනාධාරය ලබා දී තිබෙන බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

මීට අමතරව ධීවර කටයුතු සඳහා 27,288 දෙනෙකු සඳහා මෙම භූමි තෙල් සහනාධාරය ලබාදී තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජුනි 01 වැනි දා සිට මැයි 10 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම දීමනාව ගෙවන බවත් 2014ට පෙර පැවති මිලට වඩා වර්තමානයේ ඉන්ධන මිල අඩු මට්ටමක පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නව අදහස දක්වන්න