ඩොලර් දහතුන්දහසේ විදුලි බිල දැක එළවළු වෙළෙන්ඳා දිවි නසා ගනී | දිනමිණ

ඩොලර් දහතුන්දහසේ විදුලි බිල දැක එළවළු වෙළෙන්ඳා දිවි නසා ගනී

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේ එළවළු වෙළෙන්දෙකුට ඩොලර් 13,000 ක විදුලි බිල්පතක් ලැබීමෙන් කලබලයට පත්ව සිය දිවි නසා ගෙන තිබේ. 36 හැවිරිදි ජගන්නාත් ෂෙල්කෙ සිය දිවි නසා ගැනීමට පෙර ඒ බව ලියා තබා ඇති අතර පසුව කළ විමර්ශනයේ දී හෙළි වී ඇත්තේ එම බිල රු. 2,800 (ඩොලර් 41.6) ලෙස නිවැරදි විය යුතු බවයි.

කෙසේ වුවත් ඔහු ගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ එම බිල් පතෙහි වැරැද්දක් ඇති බවක් හෝ එය නිවැරදි කර දීමට හෝ කිසිදු නිලධාරියකු ඉදිරිපත් නොවූ බවයි. ඒ සඳහා නගරයේ ඇති විදුලි බල මණ්ඩලය වෙත ඔහු බොහෝ වාරයක් ගිය බව ද ඔවුන් වැඩි දුරටත් සඳහන් කරයි.

එසේ වැරදි බිල්පතක් යැවීම පිළිබඳව පොලිසිය විසින් විදුලි බල මණ්ඩලයේ නිලධාරියකුට විරුද්ධව පැමිණිල්ලක් ගොනු කර ඇති අතර මෙම සිද්ධිය සමාජ ජාල හරහා පැතිර යාමත් සමග එම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇත.

මේ වන තුරු සිදු කළ පරීක්ෂණ වලින් අනවාරණය වී ඇත්තේ ඒකක 6117.8 ලෙස සටහන් වූ මනු කියවීම ඒකක 61178 ලෙස සටහන් කර ඇති බවයි.


නව අදහස දක්වන්න

Or log in with...