කළුතර ප්‍රදේශ රැසකට හෙට ජලය කැපේ | දිනමිණ

කළුතර ප්‍රදේශ රැසකට හෙට ජලය කැපේ

කළුතර දිස්ත්‍රික්කයේ නගර රැසකට හා බෙන්තොට නගරයට හෙට (17) ජල සැපයුම් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

හෙට දිනයේ පෙරවරු 8.00 සිට පස්වරු 7.00 දක්වා පැය 11 ක කාලයක් පහත ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

ඒ අනුව වාද්දුව , වස්කඩුව , පොතුපිටිය , කළුතර උතුර හා දකුණු , කටුකුරුන්ද , නාගොඩ , පයාගල , පිලමිනාවත්ත , බෝම්ඹුවල , මග්ගොන, බේරුවල , කළුවාමෝදර , මොරගල්ල , අලුත්ගම , දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශයන් හි ජල සැපයුම් අත්හිටුවනු ඇත.

විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් නිසා කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලි සැපයුම හෙට දින අත්හිටුවීම ජල සැපයුම් විසන්ධි කිරීමට හේතුවයි. පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව පිළිබඳ ජල සම්පාදන මණ්ඩලය කණගාටුව පළකරන අතරම ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසද එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටි.

නව අදහස දක්වන්න