චීනයෙන් වැඩම වූ කිරි ගරුඬ ප්‍රතිමා... | දිනමිණ

චීනයෙන් වැඩම වූ කිරි ගරුඬ ප්‍රතිමා...

චීනයේ සිට මෙරටට වැඩම වූ කිරි ගරුඬින් නිම වූ බෝධිසත්ව පිළිමවහන්සේ හා බුද්ධ ප්‍රතිමා වහන්සේ විසි නමක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි විහාරස්ථානයන්වෙත බෙදාදීමේ පුණ්‍ය උත්සවයක් මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත වලවාහැංගුණවැව ධම්මරකන නායක ස්වාමින්වහන්සේ ඇතුළු නායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ ඊයේ (17) දහවල් සිදුකෙරුණි.

සියැං කොන් චුයං යැං ජාත්‍යන්තර බෞද්ධ සංගමයේ කැඳවුම්කරු වන සූසැන් යැං මහත්මිය ඇතුළු පිරිසක් මිහින්තලා රජමහා විහාරයේ විහාරධිපති හිමියන්ගේ අනුශාසනාව පරිදි මෙම උත්සවය මීට පෙර වෙසක් පොහොය දිනයේ සංවිධාන කර තිබුණි. කිලෝග්‍රෑම් 1500ක් බරින් යුතු රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු බෝධිසත්ව පිළිමවහන්සේ බුද්ධ ප්‍රතිමා වහන්සේ විසි නමක් හා තුන් සූත්‍රය සහිත අධි තාක්ෂණික උපකරණ පූජා කිරීමත් මෙහි දී සිදුකෙරුණි. දෙසිය නමක් මහා සංඝරත්නය විෂයෙහිලා ඊයේ (17) දහවල් දානය පිරිනැමීමෙන් අනතුරුව එම උත්සවය මිහින්තලය නගර උයනේ දී සිදුකෙරුණි. උත්සවයට වැඩම කළ සියලු ම හිමිවරුන්ට ගමන් ගාස්තු ද පිළිම වැඩම වීම සඳහා අවශ්‍ය ප්‍රවාහන ගාස්තු ද ලබාදීමට සූසෑන් යැංග් මහත්මිය කටයුතු කළාය.

අනුරාධපුර මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න