බඩු තිබුණත් වැඩ නැති තැපැල් කාර්යාලයක් | දිනමිණ

බඩු තිබුණත් වැඩ නැති තැපැල් කාර්යාලයක්

යටියන්තොට තැපැල් කාර්යාලයෙන් සේවා ලබා ගැනීමට එන ජනතාවට සමහර අවස්ථාවල පැය ගණන් පෝලිමේ රස්තියාදු වීමට සිදුවන බව එහි පැමිණෙන්නෝ චෝදනා කරති.

මෙම තැපැල් කාර්යාලය තැපැල් දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පළමු ශ්‍රේණියට අයත් තැපැල් කාර්යාලයකි. මේ මඟින් ප්‍රදේශයේ උප තැපැල් කාර්යාල 10 ක් පාලනය වේ. ඒ ඇරුණු විට වතු වැවිලි සමාගම් වලට අයත් වතු 10 ක ලිපි කටයුතු හා සේවාවන් රැසක් ඉටුකර දෙයි.යටියන්තොට හා අවට රාජ්‍ය ආයතන බැංකුවල ලිපි ගණුදෙනු පිළිබද සේවාවන්ද සපයයි.

දෛනිකව මහජණයාට මුද්දර අලවිකිරීම් කටයුතු ලිපි ලියාපදිංචි කිරීමේ කටයුතු වැනි සේවාවන්ද මුදල් ඇනවුම්, විදුලි පණිවිඩ, ජල බිල්පත්,විදුලි බිල්පත්,දුරකථන බිල්පත්, ආදී ගෙවීම් කටයුතු ද රක්ෂණ ගෙවීම් කටයුතු කිරීමත් මහජණ ආධාර මුදල් ගෙවීම්, ඉතිරි කිරීමේ ගිණුම් කටයුතු , විශ්‍රාම වැටුප් ගෙවීම් වැඩිහිටි දීමනා , ගෙවීම් රෝගාධාර ගෙවීම් විභාග ගාස්තු ගෙවීම් ආදී බිල් ගෙවීම් සේවාවන්ද මෙම තැපැල් කාර්යාලය සපයා දෙයි.මේ සදහා අන්තර්ජාල පහසුකම් ද මෙම තැපැල් කාර්යාලයට ලැබී ඇත.

එසේ වූවද මෙහි පැමිණෙන්නන් රස්තියාදු වන්නේ මන්දැයි එම කාර්යාලයේ සේවය කරන්නෙකුගෙන් විමසූ විට ඔහු මෙසේ පැවසුවේය.“දැනට මාස 02 කට පමණ සිට අන්තර්ජාල පහසුකම් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නෑ.හුගක් ප්‍රමාදයි.බිල් නිකුත් කිරීමට සෑහෙන වෙලාවක් යනවා.ඒ අතරේ විදුලිය ඇණ හිටීම් නිතරම සිදුවෙනව .අඳුරු අවස්ථාවල ඉටිපන්දම් පත්තු කරගෙන තමයි කටයුතු කරන්නේ.

සමන් එස්. රත්නායක

නව අදහස දක්වන්න