ඌවේ අඩු ආදායම්ලාභී පවුල් 60කට විදුලිය ගන්න ආධාර | දිනමිණ

ඌවේ අඩු ආදායම්ලාභී පවුල් 60කට විදුලිය ගන්න ආධාර

ඌව පළාතේ අඩු අාදායම්ලාභි පවුල් සඳහා විදුලිය ලබා දීම පිණිස ඌව පළාත් සභාව මගින් ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සමගාමීව ඌව පළාතේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් 60ක් සඳහා මූල්‍යාධාර චෙක්පත් පිරිනැමීම පසුගියදා ඌව පළාත­් මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් සභාවේදී සිදු කෙරිණි.

මේ සදහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය අරමුදලින් වැය කළ මුදල රුපියල් ලක්ෂ 8කි.

මීගහකිවුල සමූහ
එන්. නවරත්න

නව අදහස දක්වන්න