පැලහැල අසේලගේ නූල් සූත්තර | දිනමිණ

පැලහැල අසේලගේ නූල් සූත්තර

අතීතයේ සිටම විවිධ දක්ෂතා මෙන්ම විවිධ විෂයයන් වලට කුසලතා දැක්වූ පුද්ගලයින් ඉතිහාසයට එක්ව තිබේ. කලා අංශය ඇතුළු විවිධ ක්ෂේත්‍ර වලින් ඇතැම් පුද්ගලයින් ලෝකයේ කැපී පෙනෙන අය බවට පත්වූ බව නොරහසකි.

එහෙත් නූල් පොටෙන් විවිධ දක්ෂතා දැක්වීමට උපන් හපනෙක් මෙතෙක් කරළියට පැමිණ නැති නමුත් ඒ පිළිබඳ මනා දැනුමක් සහ දක්ෂතාවයක් ඇති කලාකරුවකු පිළබඳ තොරතුරු දෙකටන පැලහැල ප්‍රදේශයෙන් වාර්තා විය. ඔහු නමින් උපුල් අසේල සරත් කුමාරය.වඩුකාර්මිකයෙක් වශයෙන් වෘත්තිය කරයි.

අසේල නූල් පොටෙන් නොකරන දෙයක් නැති පුදුමාකාර දක්ෂයෙකි. මේ කිසිවක් ඉගෙනීමට ඔහුට ගුරුවරයෙක් සිටියේ නැත.පොත පතක හෝ එවැනි සිතුවම් දක්නට නැත. නූල් පොට සමඟ කුඩා ඇණ භාවිතා කරමින් විවිධ රූප නිර්මාණය කිරීමට ඔහුට දැනුම පහළ වූයේ කොහෙන්ද කියා ඔහුවත් නොදනී. සිතට එන දේ විවිධ වර්ණයෙන් විවිධාකාරව ඇඳීමට හැකියාව ඔහු ලබා ඇති කුසලතාවයයි.

නූල් සූත්‍රයෙන් ලොවට හඳුන්වා දි ඇති මෙම නවීනතම නිර්මාණ වෙළෙඳපොළේ ඇගයීමට, අලෙවියට ලක් නොවුණ හොත් ඔහුගේ මෙම දක්ෂතා අනාගතයට අහිමි වනු ඇත.

මෙම එක නිර්මාණයක් සඳහා නූල් අති විශාල ප්‍රමාණයක් අවශ්‍ය බවත් ඒ සඳහා විශාල මුදලක් වැය වන බව උපුල් කියා සිටියි. උප්පත්තියෙන් තමාට දායාද වූ මෙම හැකියාවේ නිර්මාණ තම හදවත තුළ මැවී තැන්පත් වී ඇතත් එම නිර්මාණ සියල්ල එළිදැක්විමට තමාට හැකියාවක් නොමැති බව ඔහු පවසයි. නූල් මිලදී ගැනීමට හෝ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ද තිර ආදායම් මාර්ගයක් ඔහුට නැත. වඩු කර්මාන්තයේද ඉතා දක්ෂයෙක් වුවත් එය සාර්ථකව ඉදිරියට ගෙන යමින් මෙම නූල් කර්මාන්තය ද කිරීමට ඔහුට කාල වේලාව නොමැත.

වෙළෙඳ පොළක් නොමැතිවීම උපුල් මහතාට ඇති ප්‍රධානම දුෂ්කරතාවයයි.

මේ දිනවල ඔහු ඉතාම අලංකාර, සිත් ඇදගන්නාසුළු නිවෙසක එල්ලා තැබිය හැකි පහන් කූඩුවක් නිර්මාණය කරමින් සිටී. එහි නුල් වලට තක්සේරු වියදම රුපියල් ලක්ෂයකට අධික බව උපුල් කියා සිටී.

නුලෙන් කරනු ලබන මෙම විශ්වකර්ම නිර්මාණ කුසලතා ලොවට පෙන්වාදිමට අපි උපුල් නඟා සිටුවිය යුතුය.එම ශක්තිය, දැනුම තවත් පිරිසකට ලබාදීමට මග සලසා දිම අපේ යුතුකමය.

ජී.එස්.තැලිගම
කිරිඳිවැල සමූහ


නව අදහස දක්වන්න

Or log in with...