‘සියපත බොනැන්සා’ වෙතින් Renalt KWID රථයක් සමඟ රන් කාසි | දිනමිණ

‘සියපත බොනැන්සා’ වෙතින් Renalt KWID රථයක් සමඟ රන් කාසි

සම්පත් බැංකුවට පූර්ණ අනුබද්ධිත මුල්‍ය සමාගම වන ‘සියපත ෆිනෑන්ස්’ සමාගම විසින් දියත් කරන ලද ‘සියපත බොනැන්සා’ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානෝත්සවය සියපත ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජීව් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නොබෝදා පැවැත්විණි. ලීසිං හා රන් ණය ව්‍යාපාර ප්‍රවර්ධනය අරමුණු කරගත් ‘සියපත බොනැන්සා’ තෑගි තරගයෙන් ලීසිං අංශයේ ජයග්‍රාහකයාට Renalt KWID වර්ගයේ නවීන මෝටර් රථයක් මෙන්ම ශාඛා මට්ටමෙන් රන් ණය පහසුකම් ලබාගත් පාරිභෝගිකයන් අතුරින් කුසපත් ඇදීමෙන් තෝරාගත් ජයග්‍රාහකයන්ට රන් කාසි 20 ක් ත්‍යාග වශයෙන් ලබාදුන් අතර ඊට ‘සියපත ෆිනෑන්ස් ’ සමාගමේ නිලධාරීන් සහභාගී විය.

මෙහිදී පිරිනැමෙන ප්‍රධාන ත්‍යාගය වන අලුත්ම අලුත් Renalt KWID මෝටර් රථයේ හිමිකරු බවට නුගේගොඩ ශාඛාවේ ගනුදෙනුකරුවකු වන එම්.පී.එස් මාරසිංහ මහතා පත්විය. රන් ණය අංශයේ ජයග්‍රාහකයන්ට කැරට් 22 කේ වටිනා රන් කාසිය බැගින් හිමි විය. එහිදී, අයි.එම් රිෆාසි මහතා (අම්පාර) , එම්. අස්වර් මහතා (අනුරාධපුර) ඒ.අයි ශාලිකා (අවිස්සාවේල්ල) වයි.අයි හලීමා (මඩකලපුව) එම්.ඩී මදාරා (ගම්පහ) , ඒ. හමීදු මහතා (කල්මුණේ) , නිමල් සිල්වා මහතා (කළුතර) , කන්දයියා යුරේකා (මහනුවර) , රාජා සශිකලා (කෑගල්ල) , ජසින්තා මාලණි (කුලියාපිටිය) , ජී.ජී චන්දන මහතා (කුරුණෑගල නගර ශාඛාව) , අමල් ඉන්දික මහතා (මාතර) , කේ.එම්.එස් ප්‍රියංගනී (මීගමුව) , එස්. මුරලිදරන් මහතා (නුගේගොඩ) , ජයන්ත සෙනවිරත්න මහතා (නුවරඑළිය), ඒ. පාන්ඩිරාජා මහතා (රත්නපුර) , එස්. හුලාසිමානී (සෙයින්දමරදු) එම්.එස්. වාහිතා (ත්‍රීකුණාමලය) එස්. දිවාරාගන් මහතා (වව්නියාව) සහ එම්. මුනියන්ඩි මහතා (වැල්ලවත්ත) යන අය එම අගනා රන් කාසිවල හිමිකරුවන් බවට පත්විය.

‘සියපත ෆිනෑන්ස් ’ ලෙසින් අපගේ මූලික අරමුණ වන්නේ අපගේ ගනුදෙනුකරුවන් වෙත ඉහළම තත්වයේ සේවාවක් ලබාදීම සහ අපගේ ගණුදෙණුකරුවන් බවට පත්වීමේ ඉහළම වටිනාකම ඔවුන් වෙත පිරිනැමීමට කටයුතු කිරීමයි.

‘සියපත ෆිනෑන්ස්’ හි අපගේ සාර්ථකත්වය වන්නේ අපි නිරන්තරයෙන් ගනුදෙනුකරුවන් සමග ඇති සමීප බැඳීමයි. ඔවුන් වෙනුවෙන් මේ ‘සියපත බොනැන්සා’ ප්‍රවර්ධන වැඩසටහන පවත්වන්න හැකිවීම ගැන මම ඉතා සතුටට පත්වෙනවා.

‘සියපත බොනැන්සා’ ප්‍රවර්ධන වැඩසටහන අප ආයතනයේ වර්ධනය සඳහා හේතුවන බව මට ඉතා විශ්වාසයි’ යනුවෙන් ‘සියපත ෆිනෑන්ස් පී.එල්.සී’ හී කළමනාකාර අධ්‍යක්‍ෂ සමන් හේරත් මහතා වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වන ලදි.

නව අදහස දක්වන්න