මදුරෝ යළි වෙනිසියුලාව භාර ගිනියි | දිනමිණ

මදුරෝ යළි වෙනිසියුලාව භාර ගිනියි

වෙනිසියුලාවේ ජනාධිපතිවරයා ලෙස නිකලස් මදුරෝ යළි වසර 06ක කාලයක් සඳහා තේරී පත්ව අැති බව විදෙස් වාර්තා පවසයි.

නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඔහුට සියයට 67.7ක ඡන්ද ප්‍රතිශතයක් හිමි විය.

මේ අතර මදුරෝගේ ප්‍රතිවාදියා වූ හෙන්රි ෆැල්කන්ට හිමිවූයේ සියයට 21.2ක ඡන්ද ප්‍රතිශතයක්.

කෙසේ වෙතත් මෙම ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කර තිබුණේ මුළු ඡන්දදායකයන්ගෙන් සියයට 46ක ප්‍රමාණයක්.

නිකලස් මදුරෝගේ වසර 06ක ධූර කාලය 2019 ජනවාරි මාසයේදී ආරම්භ වීමට නියමිතයි.

වෙනිසියුලාවේ ප්‍රධාන ගැටළුවක් වන ආහාර අර්බුදයට විසදුම් ලබාදීම මොහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන තේමාව වී තිබුණි.

නව අදහස දක්වන්න