ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිගෙන් විහාරස්ථානවලට පරිත්‍යාග | දිනමිණ

ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිගෙන් විහාරස්ථානවලට පරිත්‍යාග

සියම් මහ නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථාන සඳහා පරිභෝජනයට අවශ්‍ය විවිධ උපකරණ තොගයක් පසුගියදා පරිත්‍යාග කළහ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පහසුකම් අඩු ග්‍රාමීය ප්‍රදේශවල ඇති විහාරස්ථාන රැසක් හඳුනාගෙන මිරිසවැටිය විහාරාධිකාර ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් මහනායක හිමියන්ගෙන් කළ

ඉල්ලීමකට අනුව අදියරෙන් අදියර එවැනි ස්ථාන සඳහා පරිත්‍යාග වැඩසටහන් සංවිධාන කිරීමට මහනාහිමියන් කැමැත්ත පළ කර තිබේ.

එහි එක් අදියරක් ලෙස කැබිතිගොල්ලෑව විහාර හම්මිල්ලෑව, සුළුගල් දඹුලු රජමහා විහාරස්ථානය වෙනුවෙන් උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ඉකුත් සඳුදා දිනයේ මිරිසවැටිය විහාරස්ථානයේ දි සිදු කෙරිණි.

අනුරාධපුර විශේෂ සරත් මනුල වික්‍රම

නව අදහස දක්වන්න