වන පියසෙන් නිවිසැනසිල්ලේ කඩා හැ‍ෙළන කොම්බුකාරවල ඇල්ල | දිනමිණ

වන පියසෙන් නිවිසැනසිල්ලේ කඩා හැ‍ෙළන කොම්බුකාරවල ඇල්ල

දුන්හිද , දියලුම, ලක්ෂපාන, ඩෙවෝන්, බෝපත් ඇල්ල, පරවියන් ඇල්ල ආදි ප්‍රකට දියඇලි හැරුණු විට වනහිසේ ගලා හැලෙන අප්‍රකට දිය ඇලි කොතෙක් තිබේද? සුප්‍රකට නම්වලින් හැදින්වෙන දිය ඇලිවලට වඩා නැවුම් සුන්දරත්වයක් වන පියසේ සැඟවුණු දිය ඇල්ලක දැකිය හැකිය.

බල්ලකෙටුව පුහුල වන හිසින් ගලා හැලෙන කොම්බුකාරවල ඇල්ල අතිශය සුන්දර දිය ඇල්ලකි. එය ප්‍රධාන දහරාවෙන් බැහැරව හුදකලා වන මඩුල්ලේ ඇද හැලෙන රමණීය දිය දහරකි. කොම්බුකාරවල ඇල්ල යන නාමය මේ දිය කඳට කොතරම් හොදින් ගැලපේ ද?

ඇල්ල පස්සර මාර්ගයේ බල්ලකෙටුව පුංචි නගරයට පැමිණ එතැනින් නමුණුකුල මාර්ගයේ කී.මී. 2 1/2 ක් පමණ ඉදිරියට ගිය තැන පුපුල පාර හමුවේ. එම මාර්ගයේ තවත් කී.මී එකක් පමණ ගිය විට‍ කොම්බුකාරවල ඇල්ල හමුවේ. කිසිම අගර දගර කලබලයක් මේ දිය ලලනට නැත. එය නිවිසැනසිල්ලේ ගලා බසින්නී ය. ඇල්ල අවට ඇති ගහකොළ නෙතට සිසිලක් ගෙනේ. ඌව පළාතේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයත් සමඟ මෑතක සිට දෙස් විදෙස් සංචාරකයන්ගේ අති ජනප්‍රිය නැරැඹුම් ස්ථානයක් වන කොම්බුකාරවල ඇල්ල සොබාවධර්මයා විසින් ඌව පළාතට ලබා දී ඇති අපූරු දයාදයකි.

බදුල්ල දිස්ත්‍රික් සමූහ ජයසේන විජේනායක

නව අදහස දක්වන්න