කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ ධාවනයට බාධා | දිනමිණ

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ ධාවනයට බාධා

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ කඳාන ප්‍රදේශයේදි කන්ටේනර් රථයක් පෙරළි අනතුරකට ලක් වීමෙන්, මේ වන විට එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බව පොලිසිය සදහන් කළේය.
 
ජා ඇල සිට කොළඹ දෙසට ධාවනයවූ කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලී ඇත. 
 
මෛ අනතුරින් කිසිවෙක් තුවාල සිදු වී නොමැති අතර අසළ තිබූ වෙළෙදසැලකට දැඩි හානි සිදුව තිබේ. 
 
මේවන විට ජා ඇල කොළඹ මාර්ගයේ කඳාන නගරයේ රථවාහන තදබදයක් පවතින අතර එම මාර්ගයේ ගමන් කරන ජනතාව හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය දැනුම් දීමක් කරනු ලැබේ.
 
 

නව අදහස දක්වන්න