කඩුවෙල පාලමේ එක් මං තීරුවක් අැරේ - UPDATE | දිනමිණ

කඩුවෙල පාලමේ එක් මං තීරුවක් අැරේ - UPDATE

කඩුවෙල -  කොළඹ නව නුවර මාර්ගයේ බියගම දෙස සිට කඩුවෙලට පිවිසෙන ස්ථානයේ ඇති පාලමේ එක් මං තීරුවක් රථවාහන ගමනා ගමනය සඳහා විවෘත කර තිබේ.

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පාලම ගිලා බැසීමේ අවදානමක් මතුවූ අතර මේ හේතුවෙන් එහි රථවාහන ගමනාගමනය තාවකාලිකව නතර කිරීමට පියවර ගනු ලැබීය.

කෙසේ වෙතත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණ එම ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි එක් මං තීරුවක් රථ වාහන ගමනා ගමනය සඳහා විවෘත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

කඩුවෙල - බියගම ප්‍රධාන පාලමේ ගිලා බැසීමේ අවදානමක් - UPDATE

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බියගම – කඩුවෙල නගරය යා කෙරෙන ප්‍රධාන පාලම අවදානම් තත්ත්වය‍ හේතුවෙන් එහි එක් මංතීරුවක් වසා දමා ඇති බව පොලිසිය සදහන් කරයි.

පාලම මේවන විට ගිලා බැසීමේ අවදානමක පවතියි.

මේ හේතුවෙන් එම පාලම මතින් රථවාහන ගමනාගමනය කටයුතු නවතා දමා ඇති බව නවගමුව පොලීසිය පැවසීය.

අදාළ මාර්ගය භාවිත නොකර විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලිසිය ජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

නව අදහස දක්වන්න