ස්ථාන කිහිපයක විදුලිය බිඳ වැටෙයි | දිනමිණ

ස්ථාන කිහිපයක විදුලිය බිඳ වැටෙයි

හලාවත ග්‍රිඩ් උප පොළෙහි සිදු වු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක අද පෙරවරු 11ට පමණ විදුලිය විසන්ධි වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එ් කටුනායක, බෝලවත්ත, මාහෝ, පුත්තලම, හලාවත හා අනුරාධපුර යන ප්‍රදේශයන්ට විදුලිය සම්ප්‍රේෂණය කරනු ලබන ග්‍රිඩ් උප පොළවල් ආශ්‍රිතව සිදුව ඇති බිඳ වැටීම්ය. 

මේ හේතුවෙන් ප්‍රධාන නගර කිහිපයක විදුලිය මේ වන විට විසන්ධි වී අැත.

කෙසේ වෙතත්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, මෙය යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට කටයුතු යොදමින් සිටින බවයි.


නව අදහස දක්වන්න

Or log in with...