ගුරු හිගයට පිළියම් ඉල්ලා දෙමව්පියන් උද්ඝෝෂණයේ | දිනමිණ

ගුරු හිගයට පිළියම් ඉල්ලා දෙමව්පියන් උද්ඝෝෂණයේ

ත්‍රිකුණාමලය, උතුරු අධ්‍යාපන කලාපයට අයත් ගෝමරන්කඩවල මැදවච්චිය විද්‍යාලයේ ගුරු හිගයට බලධාරින් විසදුම් දෙන බැව් කිව්වද එයට විසදුම් නොලැබිමට එරෙහිව අද දෙමව්පියන් පිරිසක් ත්‍රිකුණාමලයේ පිහිටි පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුල් වි උද්ඝෝෂණයක නිරත විය.

අනතුරුව ආණ්ඩුකාර කාර්යාලයේ දොරටුව හරස්කර උද්ඝෝෂණයක නියැලුනි.

එහිදි උද්ඝෝෂණයට පැමිණි දෙමව්පිය පිරිසක් ආණ්ඩුකාර කාර්යාලයට ඇතුලුවීමට ගත් උත්සහයක් පොලිසිය ව්‍යාර්ථ කිරිමට යෑමේදි උණුසුම් තත්වයද්ද හට ගත්තේය.

වරෙක ප්‍රධාන මාර්ගය හරස් කර මාර්ගයේ වාඩි වි උද්ඝෝෂණයේ නියැලිම නිසා එම මාර්ගයේ වාහන ධාවන කටයුතුද තාවකාලිකව නැවැතුණි.

මෙම දෙමව්පියන් දරුවන් පාසල් යෑම නවත්වා කළු කොඩි ඔසවාගෙන පාගමනින් පැමිණ උද්ඝෝෂණයේ යෙදිමද විශේෂත්වයකි.

මෙහිදි අදහස් දැක්වු මැදවච්චිය විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් නිලුකා දිසානායක පැවසුවේ ප්‍රධාන විෂයන් සදහා දිගු කාලයක සිට පවතින ගුරු හිගයට අවස්ථා කිහිපයකදි බලධාරින් හමුවුවද එයට විසදුම් නොලැබුණු බවය.

මේ පිළිබදව කල විමසුමකට පිළිතුරු දුන් පලාත් අධ්‍යාපන ලේකම් එච්.ඊ.එම්.ඩබ්.ජි.දිසානායක පැවසුවේ අදාල විදුහලේ විදුහල්පති වරයා ගුරු හිගය පිළිබදව ලිඛිතව හො වාචිකව දැනුම් දි නැති බවය.

එසේ දැනුම් දි තිබුණේ නම් බදවා ගැනිම් වලදි පුරප්පාඩු සම්පුර්ණ කිරිමට තිබු බවද අධ්‍යාපන ලේකම්වරයා කීය.

(ත්‍රි/මලය විශේෂ ඒ.ටි.එම්.ගුණානන්ද)


නව අදහස දක්වන්න

Or log in with...