හැරී- මේගන් යුවළගේ නිල මංගල ඡායාරූප තුනක් නිකුත් වෙයි | දිනමිණ

හැරී- මේගන් යුවළගේ නිල මංගල ඡායාරූප තුනක් නිකුත් වෙයි

හැරී- මේගන් යුවළගේ නිල මංගල ඡායාරූප තුනක් නිකුත් කර තිබේ. නව යුවල සමඟ මනාලයාගේ සහ මනාලියගේ පවුලේ සාමාජිකයන් ද මල් කුමර කුමරියන් ද මෙම ඡායාරූප තුනට ඇතුළත්ය. නිල ඡායාරූපය ලබා ගැනීමේ භාග්‍යය මෙවර හිමි කර ගෙන තිබුණේ ඇලෙක්සි ලබොමිර්ස්කිය. පවුලේ සාමාජිකයන් සමඟ ගත් ඡායාරූපයේ මේගන්ගේ පාර්ශ්වයෙන් පෙනී සිටන්නේ ඇයගේ මව පමණක් වීම විශේෂත්වයකි. ඒ මංගල්‍යය සඳහා හේගන්ගේ පවුලෙන් සහභාගී වූයේ ඇයගේ මව පමණක් වීම හේතුවෙනි. ඡායාරූප ශිල්පී ඇලෙක්සි සහ ඔහුගේ බිරිය ගියාඩා ද හැරී- මේගන් මංගලෝත්සවයේ ආරාධිතයන් වූහ.

අදහස් 1ක් ඇත

Megan is viner, she is overrthrowed, royalist!

නව අදහස දක්වන්න