දෑතේ විරියෙනි ගෙත්තම් කෙරුණේ | දිනමිණ

දෑතේ විරියෙනි ගෙත්තම් කෙරුණේ

 "අඩු කුලයේ ස්ත්‍රී හු දණ හිසට රෙදි කඩක් ඇඳ උඩුකය නග්නව තබා ගත යුත්තා හ. තද ශීත කාලයේ මුත් දණින් පාතට රෙදි කඩක් ඇන්ද නොහැක්කේය. හීන කුලික් ස්ත්‍රී පුරුෂයන් හට ඉදින් ශීතයක් ඇතිහුවහොත් රෙදි කඩක් පෙරවා ගැනීමේ තහනම් නැත්තේය. වංශවතකු, හාමුදුරුවකු හමුවුවහොත්, වහ වහා එම රෙද්ද ඉවත් කොට ගත යුතු ය. නැත හොත් “උණුසුමට යි හාන්දුරුවනේ, මට සමාවයි!” කියා සමාවක් ගත යුතු ය." යනුවෙන් රොබට් නොක්ස් එදා හෙළ දිව කෘතියෙහි දක්වා ඇත. අතීත මුතුන් මිත්තන් තම වස්ත්‍රය පිළීබදව සිරිත් එසේ විය .

දිනෙන් දින දියුණුවන ලෝකයත් සමඟ ඇඳුම් පැළඳුම් මිනිසුන්ට ආහාරපානවලටත් වඩා වටිනා අවශ්‍යතාවයක් බවට පත් විය. මෙන්ම විලාසිතාවක් බවට පත්වී ඇත. වත්මන් වාණිජකරණය තුළ ශ්‍රී ලංකාවේ Handloom රෙදිපිළි ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රිය තත්ත්වයට පැමිණ ඇති කර්මාන්ත ක්ෂේත්‍රයක් බවට පත්ව ඇත. විදෙස් සංචාරකයින්ගෙන් බහුල නුවර නගරයේ ප්‍රකට Handloom ව්‍යාපාර හිමිකරුවන් කිහිපදෙනෙකු තම ව්‍යාපාරයන්වල ස්වභාවය පිළිබඳව කරුණූ දැක්වූයේ මෙලෙස ය.

1992 වර්ෂයේ දී තමයි මම මුලින්ම ව්‍යාපාරය ආරම්‍‍‍භ කළේ. ඉස්සර කළේ හෝල් සේල් විතරයි. අපේ සීයා සහ තාත්තගේ අයියා දෙන්නම රෙදි ෆැක්ටරිවල වැඩ කරපු අය, ඒ ගොල්ලෝ මේ හෑන්ඩ් ලූම් පිළිබඳව හොඳ අවබෝධයකින් හිටියා. මම මගේ ව්‍යාපාරය තුළින් හෑන්ඩ්ලූම් සාරි, සරම්, ලුංගි,සහ ඒ ආශ්‍රිත වෙනත් නිෂ්පාදන අලෙවි කරනවා. මම සාරි රුපියල් 2500-12,000 අතරේ මිල ට අලෙවි වෙනවා. සරම් රුපියල් 1750 කට, ලුංගි 1500 කට, වාගේ ම අනෙකුත් හැන්ඩ් ලූම් නිෂ්පාදන රුපියල් 800 කට තමයි අලෙවි කරන්නේ. මගේ ළඟ සේවකයෝ දැනට 30-40 පමණ සේවය කරනවා.

මේ දවස්වල නුවර හෑන්ඩ්ලූම්වලට ලොකු ඉල්ලුමක් තියනවා. බොහෝ දෙනෙක් අපේ හෑන්ඩ්ලූම් රෙදිපිළි online අන්තර් ජාලයෙන් බලා ගන්නවා. අපි ලුංගි,සරම්,ෂර්ට්ස්, සහ කර්ටන් ඇමරිකාවට, ඔස්ට්‍රේලියාවට සහ කැනඩාවට ආනයනය කරනවා.විදේශිකයෝ බොහෝ දෙනෙක් online අරගන්නේ නැතුව, වෙළෙඳසැළට ඇවිල්ලා අරගෙන යනවා." යනුවෙන් weavers Finch හි හිමිකරු වන දිනේෂ් කුමාර මහතා ප්‍රකාශ කළේ ය.

බොහෝ ව්‍යාපාරකයින් තම ව්‍යාපාරයන්ට අන්තර්ජාලය සමඟ වෙළෙඳාම් කිරීම සඳහා තාක්ෂණය උපයෝගී කර ගෙන තිබේ. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන හෑන්ඩ්ලූම් නිෂ්පාදන ඕනෑම කෙනෙකුට පහසුවෙන් මිලදී ගැනීමට හැකිවී ති‍බේ .

Selyn ( fair trade shop ) හි ව්‍යාපාර මධ්‍යස්ථාන සේවකයකු වන වින්ස්ටන් රොසයිරෝ තම අදහස් දැක්වූයේ මෙලෙස ය. "මෙම ව්‍යාපාරය ආරම්භ කර තියෙන්නේ 1991 වර්ෂයේ දීයි.සෙන්ඩ්‍රා වඳුරාගල නිතීඥවරියගේ සංකල්පයකට අනුවයි මෙම ව්‍යාපාරය ගොඩනගා තියෙන්නේ." Important to woman " මෙහි තේමාවයි.මෙය සේවකයින් 06 දෙනෙකුගෙන් ඇරුඹූ ව්‍යාපාරයක්

"fair trade handloom " වලට ලංකාවේ තියන හොඳම සමාගම ලෙසයි අපේ සමාගම සැලකෙන්නේ. අපේ ව්‍යාපාරය මගින් සාරි, සරම්,ෂර්ට්ස්,මාල, බෑග්,වළලු සහ අනෙකුත් නිෂ්පාදන අළෙවි කරනවා. විදේශිකයින්ගෙන් හෑන්ඩ්ලූම්වලට හොඳ ඉල්ලුමක් තියනවා. කොළඔ,නුවර දෙකේම ආදායම හොඳයි. ගොඩාක්ම අපෙන් හෑන්ඩ්ලූම් මිල දී ගන්නේ ගුරුවරුයි, අනෙකුත් රජයේ නිළධාරිනියන් තමයි.

දැන් බොහෝදෙනෙක් හෑන්ඩ්ලූම් කියලා කොයෙන්හරි රෙදි ගෙනහල්ලා හෑන්ඩ්ලූම් කියලා අඩු ගාණට විකුණනවා. කුරුණෑගල අපිට හෑන්ඩ්ලූම් කර්මාන්තශාලාවක් තියෙනවා.ඕනෑම කෙනෙකුට ඒ කර්මාන්තශාලාවට ගොස් අපේ හෑන්ඩ්ලූම්වල තියෙන කොලිටිය බලන්න පුළුවන්. හෑන්ඩ්ලූම් කියන්නේ ශ්‍රී ලංකාවට ගොඩාක් වටිනා දෙයක්.‍කුවේණිගේ කාලයේ සිටම පැවැති කර්මාන්තයක්. මේ කර්මාන්තය සිදු කෙරෙන ආකාරය පිළිබඳව දැනගැනීමට විදේශිකයෝ ගොඩාක් කැමතියි. ඒ හින්දා අපේ ව්‍යාපායේ කුවේණියගේ කපු කෙටීම පිළිබඳව ඡයාරූප ප්‍රදර්ශනය කරලා තියෙනවා.දැන් අවුරුදු 28 ක් තිස්සේ මේ ව්‍යාපාරය විශිෂ්ඨ අන්දමින් කර ගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ අපේ හෑන්ඩ්ලූම්වල තියෙන ගුණාත්මක තත්ත්වය නිසයි. දැනට ලංකාවේ ෂෝ රූම් 06 ක් විතර තියෙනවා. ඔස්ට්‍රේලියා, ඩෙන්මාකයට සහ චීනයට අපි හෑන්ඩ්ලූම් ආනයනය කරනවා.

උසස් සංකල්පයක් මූලික කර ගනිමින් ආරම්භ කළ මෙම හැන්ඩ්ලූම් ව්‍යාපාරය අවුරුදු 28 ක් තිස්සේ පවත්වා ගෙන යෑමට හැකි වී ඇත්තේ එම හෑන්ඩ්ලූම් රෙදිපිළිවල පවත්නා ගුණාත්මකභාවය නිසා යි විශ්වාස කරනවා.

"Sunimals "හෑන්ඩ්ලූම් ව්‍යාපාරය මීට වසර 25 කට පමණ පෙර ආරම්භ කරපු ව්‍යාපාරයක්.මගේ සීයාගේ කාලේ ඉඳලා තමයි මේක කරගෙන යන්නේ. මේ හෑන්ලූම් කර්මාන්තය නැගී ගෙන එන කර්මාන්ත ක්ෂේත්‍රයක් බවට පත් වෙලා තියනවා. අපේ ව්‍යාපාරයේ හෑන්ඩ්ලූම් සාරි, ෂර්ටස්,සරම්, පොඩි ළමයින්ගේ ඇඳුම්,සපත්තු යනාදී සෑම දෙයක්ම තියනවා. විදේශිකයින්ගෙන් තමයි ගොඩක්ම ඉල්ලුම තියෙන්නේ. ඇමරිකාවටයි ,ඔස්ට්‍රේලියාවටයි අපේ කෙනෙක් හෑන්ඩ්ලූම් නිෂ්පාදන පිටරටවලට අරන් ගිහිල්ලා විදෙස් ජනයාට අලෙවි කරනවා. ලංකාවයට එන අය කැමතියි, ලංකාවෙන් දේවල් අරගෙන යන්න. අපේ හැන්ඩ්ලූම්වල කොලිටිය ගැන මට 100% ක්ම විශ්වාසයි. හෑන්ඩ්ලූම් ඇඳුම් පිළියෙළ කරන්න අපි නුවර ආශ්‍රිතව පිහිටා ඇති ගම්මානවල සහ වතුකරයේ ජනතාවව අපි යොදා ගන්නවා. ඔවුන් රෙදි වියන්නේ අතින් . ඔවුන්ට නවීන තාක්ෂණය අපහසුයි. දැන් රෙදි වියන කාන්තාවන් නැති තරම්, ඉන්න අය හැමෝම පාරම්පරික වියන ශිල්පීන් තමයි'' යනුවෙන් "Sunimals " හි මිහිකාරිණිය වන අචිනි ලියනගේ ප්‍රකාශ කළා ය.

නුවර නගරයේ පාරම්පරිකව උරුම වූ ව්‍යාපාරවල් තම තමන්ට ආවේණික ආකාරයෙන් වෙනස් කිරීමට නූතන පරපුරේ හෑන්ලූම් ව්‍යාපාරිකයින් ගෙන තිබෙන උත්සහය අපමණ ය. අතීතයේ තිබූ හෑන්ඩ්ලූම් රෙදි නිෂ්පාදන වෙනුවට විසිතුරු භාණ්ඩ නිර්මාණය කිරීමට ද ඔවුන් උත්සහ වී ඇත. තව ද මෙම හෑන්ඩ්ලූම් කර්මාන්ත ක්ෂේත්‍රය මඟින් නුවර ආශ්‍රිතව පවතින වතුප්‍රදේශවල සහ ගම්මානවල කාන්තාවන්ට ද රැකියා අවස්ථා හිමි වී ඇත. නූතනයේ දී හෑන්ඩ්ලූම් කර්මාන්ත ක්ෂේත්‍රය වර්ධනය වෙමින් පවතින කර්මාන්ත ක්ෂේත්‍රයක් බවට පත්වී ඇති බව සක්සුදක් සේ අවබෝධ කර ගැනීමට පුළුවන.

මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න