SLIIT හඳුන්වා දෙන MBA පාඨ­මා­ලා­ව | දිනමිණ

SLIIT හඳුන්වා දෙන MBA පාඨ­මා­ලා­ව

මහා­චාර්ය ලලිත් ගමගේ

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වන SLIIT, පසුගිය දා තම ගමන්මඟේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලත් ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධි (MBA) හඳුන්වාදුනි.

SLIIT ව්‍යාපාර පීඨය විසින් මෙහෙයවනු ලබන මේ පශ්චාත් උපාධි පාඨමාලාව, ජූලි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය. ඒ හරහා සමීප කරගන්නා සමකාලීන ප්‍රවේශයන්, දැනුම හා කළමනාකරණ කුසලතා තුළින් පෞද්ගලික මෙන්ම රාජ්‍ය හා ලාභ නොලබන අංශයන්හි ද විධායක නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ ප්‍රධානීන් හා කළමනාකරුවන් ආදීන්ට තම තමන්ගේ ආයතන සඳහා වැඩි දායකත්වයක් සැපයීමට අවකාශ සැලසේ.

SLIIT ආයතනය මේ වන විටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු, වාස්තු විද්‍යා සහ ප්‍රමාණ සමීක්ෂණ උපාධි පාඨමාලා පිරිනමයි.

නව MBA පශ්චාත් උපාධි පාඨමාලාව පිළිබඳ අදහස් දක්වමින් SLIIT ප්‍රධාන විධායක නිලධාරී සහ උප කුලපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙසේ පැවැසීය. ‘අප විසින් මේ පිරිනමනු ලබන්නේ සුවිශේෂී MBA උපාධි පාඨමාලාවක්. අපි එය නිර්මාණය කළේ, ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ අධ්‍යාපනවේදීන්ගේ පුළුල් සාකච්ඡා කිරීම් තුළින් ගත් තීරණ අනුවයි. එනිසාම අතිශය තරගකාරී සහ වෙනස්වන සුළු වර්තමාන ව්‍යාපාර ලෝකය තුළ, තිරසාර භාවය හා නවෝත්පාදනය සමඟ ගැටගැසුණු අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි න්‍යායාත්මක දැනුමින් වගේම විශ්ලේෂණාත්මක දැනුමින් හා කළමනාකරණ කුසලතාවලින් පරිපූර්ණ අනාගත නායකයන් බිහි කිරීමට එය උපකාරී වෙනවා’.

නව අදහස දක්වන්න