මහියංගණ-බදුල්ල පාරේ ලොරියක් ගවයන් 4ක් යට කරගෙන ගිහින් | දිනමිණ

මහියංගණ-බදුල්ල පාරේ ලොරියක් ගවයන් 4ක් යට කරගෙන ගිහින්

මහියංගන බදුල්ල මාර්ගයේ මහියංගන මුලික රෝහල ඉදිරිපිට මාර්ගයේ නිදා සිටි ගවයන් 04 දෙනෙකු මාර්ගයේ ගමන් ගත් අපරික්ෂාකාරී ලෙද පැදවු ලොරි රථයක් මගින් යට කර ඊයේ (24) පාන්දර පලාගොස් ඇත.

මොණරාගල ප්‍රදේශයේ සිමෙන්ති ප්‍රවාහන ලොරි රථයකට යට වීමෙන් මෙම ගවයන් මිය ගොස් ඇති බවත් ගවයන් යට කර ලොරි රථය පලා ගොස් ඇති බවට ප්‍ර දේශවාසින් චෝදනා කරති.

මහියංගන පුජා නගරය පුරා ගවයන් 20-30 කගේ රංචුවක් අයාලයේ යමින් සිටින අතර එම ගව රංචුව රාත්‍රි කාලයේදී ප්‍රධාන මාර්ගයේ නිදාගැනිමට පුරුදුව ඇත. එලෙස මාර්ගයේ නිදාගෙන සිටි ගව රංචුවෙන් ගවයන් හතර දෙනෙකු ලොරි රථයක් මගින් මෙලෙස යට කරගෙන යෑමෙන් ගවයන් හතරක් මියගොස් ඇත.

මෙම ගවයන් වරින් වර මහියංගන ප්‍රාදේශිය සභාව මගින් අල්ලා ඉවත් කළද, එම අවස්ථාවන් හිදි ගවයන්ගේ අයිතිකරුවන් ඉදිරිපත් වී යළි නිවෙස් කරා රැගෙන ගොස් ඇත. එලෙස රැගෙන යන ගවයන් මේ ආකාරයෙන් අයාලේ යෑමට යළි යලි නිදහස් කිරිම හේතුවෙන් ඉදිරියේදී විශාල අනතුරක් සිදු විය හැකි බවට ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. ගවයන්ගේ හිමිකරුවන් සදහා සුදුසු දඩුවමක් ලබාදීමට කටයුතු කිරිමෙන් ඉදිරියේදී සිදුවිය හැකි විශාල අනතුරක් වැලැක් විය හැකි බව ප්‍ර දේශවාසීහු පෙන්වා දෙති.

මාපාකඩවැව සමුහ
එච් එම් රංජිත් කරුණාවිර

නව අදහස දක්වන්න