බියගම-කඩුවෙල යා කරන රාජසිංහ පාලමේ කොටසක් කඩාවැටිලා | දිනමිණ

බියගම-කඩුවෙල යා කරන රාජසිංහ පාලමේ කොටසක් කඩාවැටිලා

දෙල්ගොඩ සමූහ -සුදත් පුබුදු කීර්ති
පාලමේ ඉවුර කඩා වැටී ඇති අයුරු. ඡායාරූපය - දෙල්ගොඩ සමූහ

පාලම ගිලා බැහැලා නෑ ඒක බොරු ආරංචියක්

මේ දිනවල නොකඩවා ඇදහැලෙන වර්ෂාව සමඟ බියගම සහ කඩුවෙල යාකරමින් කැලණි ගඟ හරහා වැටී ඇති රාජසිංහ පාලමේ බියගම දෙසින් ඇති වම්ඉවුරේ කොටසක් කඩාවැටීම නිසා එම කොටසේ වාහන ගමනාගමනය තාවකාලිකව නතර කිරීමට සිදුවිය. මේ ඉවුරු ඛාදනය වී තිබීම නිසා යකඩ පතුරු යොදා එම බැම්ම ආරක්ෂා කිරීමට පියවරගෙන තිබූ අතර පෙරේදා (23) අලුයම 3.30 ට පමණ මේ ඉවුර ගැලවී ගොස් ඇත.

මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ එස්. රත්නායක මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, මේ ගැන ලොකු ආරංචියක් ගියා පාලම ගිලා බැහැලා කියලා. එහෙම දෙයක් වෙලා නැහැ. මෙතැන තියන බිම්හෝල් එක කඩලා ගියා පෙරේදා පාන්දර 3.30 ට විතර ගංවතුර නිසා.

ඒ නිසා මේ පාරේ මේ කොටස වැහුවා. ලංකාවේ සම්මත ඕනෑම වාහනයකට පාරේ අනිත්පසින් යන්න පුළුවන්.

 

නව අදහස දක්වන්න