කොල්ලුපිටියේ හදිසි විදුලි බිද වැටීමක් | දිනමිණ

කොල්ලුපිටියේ හදිසි විදුලි බිද වැටීමක්

කොල්ලුපිටිය විදුලි උප පොලෙහි බිඳවැටීමක් හේතුවෙන් ඒ අවට තැන් කිහිපයකට විදුලිය විසන්ධි වී තිබේ.

විදුලිබල මණ්ඩලය, පවසන්නේ කොලොන්නාවේ සිට පැමිණෙන සම්ප්‍රේෂණ මාර්ගයක ඇතිවූ බිඳවැටීමක් මෙලෙස විදුලිය විසන්දි වීමට හේතුවී ඇති බවයි.

විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් මේ වන විට නඩත්තු කටයුතු සිදු කරමින් පවතියි.

නව අදහස දක්වන්න