මාතලේ විජය විදුහලේ වහලය කඩා වැටෙන්න ඔන්න මෙන්න | දිනමිණ

මාතලේ විජය විදුහලේ වහලය කඩා වැටෙන්න ඔන්න මෙන්න

මාතලේ විජය විද්‍යාලයේ ප්‍රථමික අංශයේ පළමු ශ්‍රේණියේ සිසුන් ඉගෙනුම ලබන ගොඩනැඟිල්ලේ වහලය කඩා වැටිමේ අවාදානමක් පැවතිමෙන් එම සිසුන්ගේ ජිවිතයන්ට තර්ජනයක් වී ඇතැයි මවුපියෝ පවසති. වසර 130ක් පමණ වන මේ විද්‍යාලය මාතලේ නගරයේ පවතින පැරැණිතම පාසලකි.නමුත් අද වන විට මේ විද්‍යාලය ගරා වැටි‍මේ අවදානමකට ලක්ව තිබේ.එබැවින් තවත් බලා නොසිට කඩිනම් විසදුමක් ලබා දී සිසු ජිවිත සුරක්ෂිත කර දෙන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මේ පිළිබද විදුහල්පති පි. කේ. විජේරත්න මහතාගෙන් විමසිමේදි ඔහු සදහන් කළේ අදාළ ගැටලුව පිළිබද වගකිව යුතු අංශ දැනුවත් කළ බවත් ලබන සතියේ සිට එම පංති වෙනත් ස්ථානයක පවත්වාගෙන යැමට කටයුතු කර ඇති බවත්ය.

මාතලේ මධ්‍යම සමුහ
සිරි අබයසිරි


නව අදහස දක්වන්න

Or log in with...