හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය අධිකරණවලට බයයි | දිනමිණ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය අධිකරණවලට බයයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණවලට බියක් දක්වන බව සමාජ සවිබල ගැන්වීම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (25) එම මහතාගේ නිල නිවසේ සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

වැඩිදුරටත් ඒ මහතා මෙසේද කීය.

ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන් ගෝඨාභය රාජපක්ෂ මහතාට බියක් දක්වනවා.ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙවතු අලංකරණයට ඉතාමත් දක්ෂයි. කොළඹ අලංකරණය තුළින් අපට එය මනාව පැහැදිලි කර ගත හැකියි.ගෝඨාභය රාජපක්ෂ මහත්තයට විශාල චෝදනා ගණනක් එල්ල වී තිබෙනවා.වාසුදේව නානායක්කාර ජ්‍යෙෂ්‍ඨ මන්ත්‍රීවරයා ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා පැමිණියහොත් සිදුවන දේ පිළිබඳව පවසා තියෙනවා.හිටපු ආරක්ෂක ලේකම්වරයා බීබීසී සමඟ පැවැත්වුණු සාකච්ඡාවේදී පවසා තිබුණා, හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එල්ලා මැරිය යුතු බව.විශාල චෝදනා ගණනක් තිබෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අප බිය විය යුතු වෙනවා.ඝාතන සිද්ධීන් විශාල සංඛාවකට ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයි.සුදු වෑන් සංස්කෘතියේ ප්‍රධානියා ගෝඨාභය රාජපක්ෂ බව මර්වින් සිල්වා මහතා මීට ඉහතදී පැවසූවා.

තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වීමට නුසුදුසු පුද්ගලයෙකු බවත් මේ මස 31 වැනි දින පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණය නීති විරෝධී බවත් සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පැවසීය.

වැඩිදුරටත් ඒ මහතා මෙසේද කීය.

තිලංග සුමතිපාල මහතා මාගේ ප්‍රකාශවලට පිළිතුරු දී තිබෙනවා. නමුත් මා ඇසූ ප්‍රශ්නවලට ඔහු පිළිතුරු දී නැහැ.ජනතා හිතවාදී දේශපාලනඥයෙක් විදිහට ඇත්ත නිසියාකාරව එළි කළ යුතු වෙනවා. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අද ඉතා අන්ත තත්ත්වයකට පත් වී තිබෙනවා. විස්සයි විස්ස 01 ස්ථානයේ සිට 09 ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

මා හට එතුමා සමඟ පෞද්ගලික තරහක් නැහැ. එතුමා නිසා අද ක්‍රිකට් ක්‍රීඩාව අභාවයට ගිහින් තිබෙනවා. ඔහු ස්වයං විවේචනයක් කර ඉවත් විය යුතුයි.

ආණ්ඩුවෙන් ගිය 16 දෙනාගේ කණ්ඩායම ඉවත්වීම විය යුතුවම තිබූ දෙයක්. ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීට පෙර විරෝධය දක්වපු අයමයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ළඟ සිට නැවත මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟට ගොස් තිබෙනවා. වැරදි කළ පුද්ගලයන් වැරදි කළ පුද්ගලයෙකු ළඟටම ගොස් තිබෙනවා. මහින්දානන්ද අලුත්ගමගේ,රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අය මහින්ද රාජපක්ෂ මහත්තයා ළලඟ සිටිය යුතුම පිරිසක්.

සඳුන් රමේෂ්
ඡායාරූප - සාලිය රූපසිංහ

නව අදහස දක්වන්න