කඩුවෙල පාලමේ මංතීරු දෙකම යළි ධාවනයට | දිනමිණ

කඩුවෙල පාලමේ මංතීරු දෙකම යළි ධාවනයට

මහාමාර්ග සහ මාර්ග සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතාගේ උපදෙස් පරිදි රටේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් මුහුණදීම සඳහා සීරුවෙන් තැබූ මාර්ග සංවර්ධන අධිකාරිය, බියගම සහ කඩුවෙල යාකරන ප්‍රධාන පාලමට පස් සේදීයාමෙන් සිදුවූ හානියෙන් ගමනාගමනයට ඇති වූ අපහසුතාව දින දෙකක දී නිරාකරණය කරදීමට සමත්විය.

කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පාලමේ බියගම දෙසට වන්නට ගං ඉවුර බිඳීයාම නිසා මැයි මස 23 වන දින අබලන් වූ පාලමේ ගමනාගමනය පළමු අවස්ථාවේ දී එක් මං තීරුවකට පමණක් සීමා කරන්නට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කළේය.

අනතුරුව යුහුසුළුව ක්‍රියාත්මක වූ එහි නිලධාරීන් සහ සේවකයන් සමඟ ත්‍රිවිධ හමුදා සෙබළුන්ගේ ද සහාය ඇතිව තාවකාලික (පේළි පාලමක්) පාලමක් ඉදිකරමින් දින දෙකක් ඇතුළත පාලමේ මං තීරු දෙකම වාහන ධාවනය කළ හැකි පරිදි යථා තත්ත්වයට පත්කිරීමට සමත්විය.

නව අදහස දක්වන්න