අධිකරණ ඇමැතිනී සහ ශ්‍රී ලංකාවේ දකුණු කොරියා තානාපති අතර හමුවක් | දිනමිණ

අධිකරණ ඇමැතිනී සහ ශ්‍රී ලංකාවේ දකුණු කොරියා තානාපති අතර හමුවක්

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති Heon LEE මහතා හා එහි පළමු ලේකම් Kwon Miyeon මහත්මිය අතර සුහද හමුවක් පෙරේදා (24) අධිකරණ අමාත්‍යාංශයේ දී සිදු විය.

මෙහි දී දෙරට අතර අධිකරණ කටයුතු, නීති ආර්ථික වෙළෙඳ රැකියා වැනි ක්ෂේත්‍රවල සහයෝගය තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා විය.

මෙහි දී ඇමැතිනිය වැඩිදුරටත් මෙසේ ද පැවැසුවාය.

"විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ හා අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා දකුණු කොරියානු රජය ලබාදෙන සහයෝගය අගය කරනවා.

දෙරටෙහිම අධිකරණ පද්ධතියේ සංවර්ධනයට නීතිමය කරුණු හුවමාරු කිරීම වැදගත්.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන්ට දකුණු කොරියානු රජය රැකියා අවස්ථා ලබා දෙමින් වසර ගණනාවක් තිස්සේ දක්වනු ලබන සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ස්තූතිය පළ කරනවා.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය, මෙරට ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා ලබාදීම වැනි කරුණු සඳහා දකුණු කොරියානු රජයේ සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරනවා."


නව අදහස දක්වන්න

Or log in with...