දැව සංස්ථාවෙන් සිදුවන සේවාව තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නවා | දිනමිණ

දැව සංස්ථාවෙන් සිදුවන සේවාව තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නවා

සයක් තිබෙන ඉතා උසස් කර්මාන්තයක් වුවද එයට සම්බන්ධ වන අය දිනෙන් දින අඩුවෙමින් පවතින බවත්, එසේ වි තිබෙන්නේ බොහෝ දෙනාගේ මනස තුළ තිබෙන චින්තනය නිසා බවත් එම ආකල්ප වෙනස් කළයුතු බවත් සභාපතිවරයා කිය.

රාජ්‍ය දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ආචාර්ය රුවන් පතිරණ මහතා, දැව කර්මාන්තය නම්බුකාර වැදගත්, විද්‍යාත්මක කර්මාන්තයක් බවත්, රාජ්‍ය ආයතනවලට දැව ලබාදිම ආයතනය වෙත පැවරී තිබෙන බවත් සඳහන් කළේය.

වඩු කාර්මිකයන්ට අවශ්‍ය දැනුම තාක්ෂණය ලබාදි වඩු කාර්මාන්තය දියුණු කිරිමට සංස්ථාව සුදානමින් සිටින බවත්, වඩු කාර්මික ආයතන 22000 ක් පමණ ලියාපදිංචි වී තිබෙන බවත්, පතිරණ මහතා කිය.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ( අලෙවි ) ජි. ගුණසිංහ මහතා ලංකාවේ වඩු කර්මාන්තය රජ දවස දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයක් තිබෙන කර්මාන්තයක් බවත්, එහෙත් වඩු කර්මාන්තයට පිවිසෙන අය වර්තමානයේ අඩු බවත් පැවසිය.

රාජ්‍ය දැව සංස්ථාවේ අධ්‍යක්ෂ ටෙනිසන් පවර කුමාර හා වඩු කාර්මිකයකුවන ජෝශප් ප්‍රැන්සිස් ප්‍රනාන්දු යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වුහ.

රාජ්‍ය දැව සංස්ථාවේ අඩසියවසක ප්‍රගතිය ග්‍රන්ථය එළි දැක්විමදෙ මෙහිදී සිදුකෙරිණි

ඡායාරුපය- නිරෝෂන්බටේපොළ

නව අදහස දක්වන්න