බුද්ධගයා ප්‍රහාරය - 05ක් වරදකරුවන් කෙරේ | දිනමිණ

බුද්ධගයා ප්‍රහාරය - 05ක් වරදකරුවන් කෙරේ

2013 වසරේ බුද්ධගයාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය අධිකරණයකින් පුද්ගලයින්  දෙනෙකු වරදකරුවන් කෙරිණි.

ඉන්දීය විශේෂ අධිකරණය ඔවුන් වරදකරුවන් බව ප්‍රකාශයට පත් කෙරුණේ, ඊට අදාළ නඩු විභාගය අවසන් කරමිනි.

වරදකරුවන්ට ලබා දෙන දඬුවම් මොනවා ද යන්න ලබන 31 වන දින අධිකරණය මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

2013 වසරේ ජූලි 07වන දින බුද්ධගයාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඉන් එක් සැකකරුවෙකු බාල වයස්කරුවෙකු බැවින් මීට පෙර පරිවාස භාරයට යොමු කර තිබේ.

නව අදහස දක්වන්න