හෙට උපදින ඔබගේ දරුවන් වෙනුවෙන් | දිනමිණ

හෙට උපදින ඔබගේ දරුවන් වෙනුවෙන්

යාපනය අර්ධද්විපය තුල පොල් පැල ලක්‍ෂයක් රෝපණය කිරිමේ වැඩසටහනේ තවත් එක් අධියරක් වල්ලිපුරම් කොවිල් භූමියේදී අද පැවැත්විණ.

ඒ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මෙිජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ සංකල්පයක් මතයි.

එම කොවිල් භූමියේ සිටුවීම සඳහා පොල් පැල 50 ක් , මෙම ප‍්‍රදේශයේ ජිවත් වන පවුල් 36 ක් සඳහා පොල් පැල 05 බැගින් පොල් පැල 180 ක් බෙදා දීමට කටයුතු කෙරිණ.

551 බළසේනා මුලස්ථානයේ අධීක්‍ෂණය යටතේ 20 වන ශි‍්‍ර ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සංවිධානයෙන් යුතුව පැවැත්වූ බව ද සදහන්.

මෙම උත්සවය සඳහා වල්ලිපුරම් කෝවිලේ ප‍්‍රධාන පූජකවරයා, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති, උතුර ප‍්‍රදේශීය ලේඛම්, යාපනය දිස්ත‍්‍රීක් පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරින්, යුධ හමුදා නිලධාරින්, පොලිස් නිලධාරින්, රාජ්‍ය නිලධාරින්, ඇතුලු ප‍්‍රදේශවාසින් පිරිසක් සහභාගි විය.

නව අදහස දක්වන්න