ආයුධ සමඟ අරණායක දී ඇල්ලූ සැකකරු රිමාන්ඩ් | දිනමිණ

ආයුධ සමඟ අරණායක දී ඇල්ලූ සැකකරු රිමාන්ඩ්

අරණායක පොලිසිය විසින් අවි ආයුධ නිෂ්පාදනාගාරයක් වටලා එහි ප්‍රධාන සැකකරු සහ අවි ආයුධ කිහිපයක් මෙන් ම ජීව උණ්ඩ රැසක් අත්අඩංගුවට ගැනිමට සමත් විය. සැකකරු ‍ලබන 5දා දක්වා රිමාන්ඩ් කෙරිණි.

අරණායක ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුජිව කීත්සිරි ගුණතිලක මහතා ඇතුළු නිලධාරින් 8 දෙනෙකු විසින් මේ වැටලීම කර තිබුණේ පැය 3කට වඩා වැඩි කාලයක සිට සිදු කරන ලද මෙහෙයුමකින් පසුවයි.

මෙහිදි අත්අඩංගුවට පත් වුයේ වයස අවුරුදු 33 ක් වන සිවු දරු පියකු වන අරණායක වත්තේගෙදර මැරහේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මෙහෙයුම සිදු කරමින් සැකකරු සහ අවිආයුධ ජීව අත්අබොම්බ අත්අඩංගුවට ගෙන තිබුණේ රාත්‍රී 9.45 ට පමණය.

තම නිවසේම ඉතා රහසිගත ලෙසින් මෙම කර්මාන්තය පවත්වාගෙන ගොස් තිබු අතර සැකකරු අත්අඩංගුවට පත් වු අවස්ථාවේ පතුරුම් තුවක්කු වල්ල කොටස් 1 යි, පතුරුම් හා ඉතිරි අත්ආවරණ කොටස් 2යි, බොර 12 එස්. ජි. වර්ගයේ උණ්ඩ 3 යි, බොර 12 එස්.ජි වර්ගයේ නැවත පාවිච්යෙන් පසුව නැවත පුරවන ලද උණ්ඩ 1 යි, 5 සීරෝ වර්ගයේ ජීව උණ්ඩ 3 යි, එස්. එල්. ආර්. වර්ගයට තවත් ජීව උණ්ඩ 3 යි, 308 අංකය ඇති ජීව උණ්ඩ 1 යි, ටි56 උණ්ඩ 2යි, එස් 84 වර්ගය ජීව උණ්ඩ 1යි, 9 එම්.එම්. වර්ගයේ ජීව උන්ඩ 3යි, පාවිච්චි කර ඇති බොර 12 යේ පතුරුම් කොපු 12 ක් මෙහිදි සැකකරු සමඟ අත්අඩංගුවට පත් විය.

මාවනැල්ල විශේෂ සමන් විජය බංඩාර හා අරණායක සමූහ ප්‍රදීප් කුමාර 


නව අදහස දක්වන්න

Or log in with...