වන්දුරුප්ප පාරේ කානු පද්ධතිය කැඩුවේ කවුද? | දිනමිණ

වන්දුරුප්ප පාරේ කානු පද්ධතිය කැඩුවේ කවුද?

අම්බලන්තොට වාඳුරුප්ප මාර්ගය කාපට් කර සංවර්ධනය කිරීමේ දී ඒ සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනයේ දී අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසල ඉරිපිට ඇති කානු පද්ධතියේ කොන්ක්‍රීට් ආවරණ දැඩි සේ අලාබ සිදුවී ඇතත් අදාළ කොන්ත්‍රාත්කරු එම ආවරණ නැවත සකස් නොකිරීම නිසා පාසල් ළමයින් මෙන්ම පාසලට පැමිණෙන පිරිස් ද දැඩි අසීරු තාවන්ට ලක්වන බව ජනතාව කියා සිටිති.

මීට මාස දෙකකට පමණ පෙර මේ මාර්ගය ඉදිකොට අවසන් වූවත් කොන්ත්‍රාත්කරු ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් වාචිකව කීප අවස්ථාවකදී ම මේ සම්බන්ධයෙන් ඔහු දැනුවත් කළත් එය ඔවුන්ගෙන් සිදුවූ වරදක් නොවන බව අදාළ කොන්ත්‍රාත්කරු පවසා සිටින බවයි ප්‍රදේශයේ ජනතාව කියා සිටින්නේ. මේ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වී අදාළ කානු පද්ධතියේ ආවරණ නැවත තිබු ලෙස සකස් කර දෙන ලෙස ජනතාව ඉල්ලා සිටිති.

සටහන හා ඡායා-රාහුල් සමන්ත හෙට්ටිආරච්චි අම්බලන්තොට සමුහ 

නව අදහස දක්වන්න