ඕලන්ද ඇළේ හැටි මෙන්න | දිනමිණ

ඕලන්ද ඇළේ හැටි මෙන්න

ඉපැරැණි මුතුරාජ වෙල්යායට මායිම්ව පිහිටි පැරැණි ඕලන්ද ඇළ මෙයාකාරයෙන් දිය හබරල නමැති ජලජ පැළෑටිවලින් වැසී ගොස් ඇති නිසා, කළඑලිය - වෑවල හෙට්ටිගම යන ප්‍රදේශවල ධීවර කර්මාන්තය කර‍ගෙන යෑමට ඉමහත් බාධාවක් එල්ල වී ඇති බැව් එම ධීවරයන් පවසති. මේ නිසා මිරිදිය මත්ස්‍ය කර්මාන්තය කරගෙන යන ධීවරයන්ට මෙම දිය හබරල ව්‍යාප්තවී තිබීම නිසා මිරිදිය මසුන් ඇල්ලීම සඳහා දැල් එලීමට කොහෙත්ම නොහැකි තත්ත්වයක් උදාවී ඇත. ඇළ සුද්ධ කරදීමට පියවරක් ගන්නා ලෙස ධීවර ජනතාව වගකිවයුත්තන්ගෙන් ඉල්ලීමක් කර සිටිති.

ඡායාරූපය - ජාඇළ මධ්‍යම ලෙස්ලි පෙරේරා 

 


නව අදහස දක්වන්න

Or log in with...