දිවිපිදූ කොස්තාපල් සැරයන් තනතුරට | දිනමිණ

දිවිපිදූ කොස්තාපල් සැරයන් තනතුරට

රක්ෂණ ශ්‍රියන්ත

සැඩ පහරකට හසුව සිටි පුද්ගලයන් තිදෙනෙකු සිය ජීවිතයද නොතකා බේරාගැනීමට ගොස් මිය ගිය පොලිස් නිලධාරියා සිදු කරන ලද වික්‍රමාන්විත ක්‍රියාව සැලකිල්ලට ගනිමින් එම පොලිස් සැරයන් තනතුරට උසස් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර තිබේ.

පසුගිය 25දින මාදම්පේ පොලිස් වසමේ ගල්වල ප්‍රදේශයේදී ගංවතුර සැඩ පහරකට හසුව සිටි පුද්ගලයින් තිදෙනෙකු ගලවා ගැනීමට උත්සහ කරන අවස්ථාවේදී එම සැඩ පහරට හසුව මාදම්පේ පොලිසියට අනුයක්තව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල් 88587 දසනායක පතිරැන්නැහැලාගේ ඩිලාන් සම්පත් නැමැති නිධාරියා ජීවිතක්ෂයට පත්විය.

එම නිලධාරියා සිය ජීවිතයද නොතකා සිදු කරන ලද වික්‍රමාන්විත ක්‍රියාව සැලකිල්ලට ගත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙම ‍නිලධාරියා පොලිස් සැරයන් තනතුරට උසස් කිරීමට තීරණය කර ලද බව පොලිස් මුලස්ථානය පවසයි.

මෙම නිලධාරියාගේ අවසන් කටයුතු අද (28) දින පොලිස් ආචාර මධ්‍යයේ අංක 176/01, මල්ගමුව, ගිරිඋල්ල ලිපිනයේ සිදු කිරීමට නියමිතව ඇත. 

නව අදහස දක්වන්න