වෘත්තීය ජිවිතයට හානි කරන කරුණු | දිනමිණ

වෘත්තීය ජිවිතයට හානි කරන කරුණු

ඔබ කෙතරම් සාර්ථක ලෙස වෘත්තීය කාර්යන් හි නිරත වුණත්, කෙතරම් සුදුසුකම් හැකියා ඔබ සතු වුවත්, ඇතැම් අවස්ථාවල ඔබ බලාපොරොත්තු නොවන ආකාරයෙන් වෘත්තීය ජීවිතයේ අසාර්ථක බවට පත් වෙනවද? එය සිදු වන්නේ ඔබ තුළම ඇති පුරුදු නිසා විය හැකි ය. මේ, වෘත්තීය ජිවිතයට හානි කරන එවැනි කරුණු කිහිපයකි.

සැමවිටම ප්‍රශ්නයකින් අවසන් කරන්න

ඔබ ඔබගේ සේවකයන් සමඟ රැස්වීමක් පවත්වන්නේ, ඔවුන් වෙත යමක් පැවසීමට ය. ඔවුන් වෙත යම් කිසි තොරතුරක් දැනුම් දීමට ය. එනිසා, ඔබ කළ යුතුම දෙයක් ලෙස රැස්වීම අවසානයේ එය ප්‍රශ්නයකින් අවසන් කිරීම දැක්විය හැකි ය. මේ මඟින් ඔබට ඔවුන් ඒ සම්බන්ධයෙන් කෙතරම් දැනුම්වත්භාවයක් ලබා සිටිනවද යන්න දැනගත හැකි ය. එසේම, රැස්වීමකදී ඔබගේ කටහඬ හා කතා කරන විලාසය ඉතාමත් ම වැදගත් වේ. ඔබගේ මතය,අදහස ඔවුන් වෙත ගෙන යාම සඳහා මෙය ඉතාමත්ම වැදගත් වූවකි. ඔබගේ ආයතනය ඉතා ඉහළ මට්ටමකට ගැනීමට ඔබ සිතා සිටිනවා නම්, අනිවාර්යයෙන්ම ඔබ ඔබගේ මතය, එහෙමත් නැත්නම් අදහස සෘජුව පැවසිය යුතු ය.

සෘජුව ඔබගේ මතය පවසන්න

කවදාවත් ඔබගේ ඉදිරිපත් කිරීම් සැකයෙන් හා කලබලයෙන් සිදු නො කරන්න. ඔබගේ ඉදිරිපත් කිරීම ආරම්භයේ දී වගේම , එය අවසානයේ දී දැනුම සම්බන්ධයෙන් නරඹන්නන් වෙත මනා අවබෝධයක් ලබා දීම ඉතා වැදගත් ය. එම නිසා, ඔබගේ ඉදිරිපත් කිරීම කිසිම කුතුහලයකින්, චකිතයකින් තොරව කළ යුතු ය. ඔබ ආරම්භයේදී සිදු කරන හැදින්වීම ඉතාමත් ම ආකර්ෂණීය ලෙස කිරීම අතිශයින්ම වැදගත් ය. බලාසිටින්නන් දැනුම්වත් කිරීමට ඔබට සමහර විට හිමි වන්නේ ඉතාමත් සුළු කාලයක් විය හැකි ය. එම සුළු කාල සීමාව මනාව කළමනාකරණය කරමින්, ඔබගේ ඉදිරිපත් කිරීම කළ යුතු ය.

ශරීර අංග චලන ගැන සැලකිලිමත් වන්න

ඔබ රැස්වීමක් ඉදිරිපිට අදහස් දැක්වීමේදී, ඇතැම් අවස්ථාවල ඔබගේ සිතෙහි පවතින බියපත් ස්වභාවය, කලබල ගතිය, ඔබගේ අංග චලනවලින් නරඹන්නන් වෙත නිරුපණය විය හැකි ය. ඇතැම් වෙලාවට ඔබගේ ඇඟිලි වෙව්ලීම, ඔළුව කැසීම, නිවැරැදිව සිටගෙන නොසිටීම වැනි දේනිසා , ඔබගේ ප්‍රතිරූපය බිඳ වැටීමට ද පුළුවන.

වෘත්තීය නොවන ඇදුම් විලාසිතා

ඔබ පිළිබඳ මිනිසුන් තුළ අදහසක් ගොඩනැගෙන දෙයක් ලෙස ඇදුම් විලාසිතා දැක්විය හැකි ය. ඔබ විලාසිතා කිරීම ප්‍රශ්නයක් නොවේ. එහෙත්, රැකියාවට යාම සඳහා වෘත්තියට ගැළපෙන ඇදුම් විලාසිතාවක් අනුගමනය කරන්න. ඔබ යම් කිසි ඉදිරිපත් කිරීමක්, එහෙමත් නැත්නම් රැස්වීමක් අමතනවා නම්, එහිදී ඔබගේ ඇඳුම ගැන වඩාත් සැලකිලිමත් විය යුතු ය‍. නැත්නම්, ඔබ පවසන දෙයට වඩා, ඔබගේ ඇඳුම කෙරෙහි නරඹන්නන්ගේ අවධානය යොමු වේ.

අවධානය නිරතුරු ඔබ වෙත ලබා ගන්න

යමක් පැවසීමේදී, ඉදිරිපත් කිරීමේදී, ඔවුන්ගේ අවධානය ලබා ගැනීම කළ යුතුම දෙයකි. මෙහිදී ඔවුන්ගේ ඇස් දෙස බලාගෙනම කතා කිරීම වටිනාම දෙයකි. එසේ ම, නිරන්තරයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න අහන්න. ඔබ පවසන දේ ඔවුන්ට පැහැදිලිදැයි අසන්න. එසේ නොමැතිනම් , එය නැවත නැවත පැහැදිලි කිරීම ඔබගේ වගකිමකි.

සුබ පැතුම් පිළිගන්න

ඔබගේ ඉදිරිපත් කිරීම්වලට ලැබෙන අගය කිරීම්, සුබ පැතුම් ඉතාමත් ඉහළින් පිළිගැනිම අවශ්‍ය ය. එසේ නොමැතිව ’ඒක සුළු දෙයක්’ යනුවෙන් පැවසීම, ඔබගේ ප්‍රතිරූපයට හානි කර ගැනීමකි.

The Health සඟරාව ඇසුරිනි

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න