TB එෆ්.සී.අයි.ඩීයට එයි | දිනමිණ

TB එෆ්.සී.අයි.ඩීයට එයි

සංස්කෘතික රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටියදී සිදුකළ බව කියන වාහන අවභාවිතයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට මේවන විට පැමිණ තිබේ. 
 
පසුගිය 24 වනදා හිටපු රාජ්‍ය අමාත්‍ය ටී.බී ඒකානායක මුල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා තිබූ නමුත්  එදින පාර්ලිමේන්තු දිනයක් වු බැවින් පැමිණීමට නොහැකි බවට ඔහු දන්වා තිබු බවයි පොලීසිය සදහන් කළේය.
 
ඒ අනුව අද (28) පෙරවරු 10ට එම කොට්ඨාශයට පැමිණෙන ලෙසයි පසුව දැනුම්දී තිබුණි.

නව අදහස දක්වන්න