අගමැති කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින් හමුවෙයි | දිනමිණ

අගමැති කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින් හමුවෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (30) දින උදෑසන අරලිය ගහ මන්දිරයේ දී  අමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින් පිරිසක් හමුවිය.

එම පිරිසට මැක් තෝන්බරි, කැරොල් ෂී-පෝටර්, විකී හට්ස්ලර්, කුයිටර් සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කෙෂාප් යන අය ඇතුළත් වූ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ඇමරිකානු සහය ලබාගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරිණි.

එම හමුවෙන් අනතුරුව නියෝජිත පිරිස සිංගප්පූරුවේ පැවැත්වෙන IISS ආසියානු ආරක‍්ෂක සමුළුවට සහභාගීවීමට නියමිතය.

නව අදහස දක්වන්න