තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6ක් අරී... | දිනමිණ

තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6ක් අරී...

තබ්බෝව ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා වාන් දොරටු හයක් ඊයේ (24) උදෑසන විවෘත කෙරිණි. පසුගිය දින කිපය තුළ වර්ෂාවත් සමග තබ්බෝව ජලාශය පිටාර මට්ටමට පැමිණ තිබු අතර ඒ අනුව ජලාශයේ ජල මට්ටම අඩි 17 ඉක්ම විමත් සමග වාන් දොරටු විවෘත කිරිමට වාරි මාර්ග දේපාර්තුමේන්තුව කටයුතු කළේය. මේ අනුව විවෘත කළ දොරටු හ‍යෙන් තප්පරයට ඝණ අඩි 1328 ක ප්‍රමාණයක් මී ඔයට මුදා හැර ඇති බවත් මී ඔය හරහා පුත්තලම කළපුවට ජලය ගලා යාම සිදුවන බවද පැවසු ලේකම් වරයා ජලාශයේ දොරටු 21 න් වැඩි ප්‍රමාණයක් විවෘත කළහොත් පහළ මීඔය දෙපස ගම්මාන ජල ගැලිමකට ලක්වන බවත් .ඒ අනුව ජනතාව පිඩාවන්ට පත් නොවන ලෙස ජලය මුදා හැරිමට කටයුතු කර ඇත.

මිහිර විජේසේකර-මාරවිල සමූහ

නව අදහස දක්වන්න