මධ්‍යම කඳුකරයේ මීදුම් තත්ත්වයක් | දිනමිණ

මධ්‍යම කඳුකරයේ මීදුම් තත්ත්වයක්

මධ්‍යම කඳුකරයේ පවතින අයහපත් කාලගුණික තත්වයන් මත විටින් විට පවතින වැසි තත්වයන්ට අමතරව විටින් විට දැඩි මීදුම් තත්වයන්ද පවතින බැවින් විවිධ රථ වාහන අනතුරු ඇතිවීමේ අවදානමක්ද හට ගෙන ඇත.

හැටන් කොළඹ, හැටන් නුවරඑළිය,හැටන් මහනුවර, හැටන් මස්කෙළිය, වැනි ප්‍රධාන මාර්ගවල මෙන්ම අනෙකුත් ග්‍රාමිය මාර්ගවලද මෙම මීදුම් තත්වයන් විටින් විට දැඩිව පවතී.

මීදුම් තත්වයන් මෙසේ වැඩිවන බොහෝ අවස්ථාවලදී එම මාර්ග නොපෙනී යන තත්වයක් පවතින බවත් මෙම අවස්ථාවලදී විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බැවින් ඉතා කල්පනාකාරිව රථ වාහන ධාවනය කරවන ලෙස හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීහු සියලු රියැදුරන්ගෙන් ඉල්ලා සිටිති.

එමෙන්ම මෙම වැසි තත්වයන් මත මෙම මාර්ග ලිස්සන සුළු තත්වයේ පවතින බවත් එම තත්වයන් මත අධික වේගයෙන් රථ වාහන ධාවනය නොකර ඉතා කල්පනාකාරීව රථ වාහන ධාවනය කරවීමට පියවර ගන්නා ලෙසද එම නිලධාරීහු රියැදුරන්ගෙන් ඉල්ලා සිටිති.

හැටන් මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න