මධ්‍යම කඳුකරයට අද පස්වරුවේත් තද වැසි | දිනමිණ

මධ්‍යම කඳුකරයට අද පස්වරුවේත් තද වැසි

වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට අද පස්වරුවේත් මිලිමීටර් 100 ත් 150ත් අතර තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

                                                                                     මහජනයා සඳහා කාලගුණ අනාවැකි

                                                                 2018 මැයි මස 25 වන දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන අතර දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළංද ඇති විය හැක.

බස්නාහිර,දකුණු,සබරගමුව, මධ්‍යම, වයඹ සහඋතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සෙසු පළාත්වල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව, බස්නාහිර, මධ්‍යමසහවයඹපළාත්වලත් ගාල්ල,මාතර යාපනයසහමන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100-150 ක පමණ තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

                                                                ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

                                                               2018 මැයි මස 25 වන දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි

දිවයිනට බස්නාහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්වයේ වැඩි වීම තවදුරටත් බලාපොරොත්තුවේ.

දිවයින වටා  මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඇතැම් ස්ථානවලට,විශේෂයෙන් කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවීමේ හැකියාවක්ද පවතී.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බටහිර සිට නිරිත දක්වා වු දිශා වලින් හමන අතරසුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.

මන්නාරම සිට පුත්තලම, කොළඹ,ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයවිටින් විට  පැ.කි.මී. 60-70දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ රළුහෝ ඉතා රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව ඉතා තද සුළං (පැ.කි.මී. 70-80 දක්වා) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

 

ධීවර සහ නාවුක ප්‍රජාවට  මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.


නව අදහස දක්වන්න

Or log in with...