ආපදා මරණ 17 දක්වා ඉහළට - UPDATE | දිනමිණ

ආපදා මරණ 17 දක්වා ඉහළට - UPDATE

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 17ක් වාර්තාවී ඇති බව පොලිසිය පවසයි.

එමෙන්ම අතුරුදන්වීම් 01ක් ද වාර්තා වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ පසුගිය 16 වනදා සිට මේ දක්වා ගත වූ කාලය තුළ මෙම සිද්ධින් වාර්තා වූ බවයි.

අකුණු සැරවැදීම් හේතුවෙන් මරණ 07ක්,

දියේ ගිලි මියයාම් 06ක්,

පස්කදු කඩාවැටීම් හේතුවෙන් මරණ 02ක්,

ගස් කඩාවැටීම් හේතුවෙන් මරණ 02ක්,

මේ අතර ගිලි අතුරුදන්වීමේ එක් සිදුවිමක් ද වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේය.

ආපදා මරණ 16 දක්වා ඉහළට - UPDATE

අයහපත් කාලගුණයත් සමග අැතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 16 දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම මරණ වලින් වැඩි සංඛ්‍යාවක් දියපහරට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වූ සිද්ධින් බවයි.

මේ අතර පවතින අාපදා තත්ත්යත් සමග තවදුරටත් දිස්ත්‍රික්ක 19 කට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇත.

ඒ හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින්ගේ සංඛ්‍යාවද එක්ලක්ෂ 27,913 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අලව්ව - නවතල්වත්ත - කිරිවම්මල ප්‍රදේශයේ පස් කන්දකට යටවීමෙන් 30 හැවිරිදි පුද්ගලයෙකු අද ජීවිතක්ෂයට පත්විය.

 


නව අදහස දක්වන්න

Or log in with...