ගළවා ගැනීමේ නිරත පොලිස් නිළධාරියෙකු අතුරුදන් | දිනමිණ

ගළවා ගැනීමේ නිරත පොලිස් නිළධාරියෙකු අතුරුදන්

ගල්මුරුව, උඩලවෙල ප්‍රදේශයෙහි ගංවතුරට කොටුවි සිටි පිරිසක් ගලවා ගැනිමේ මෙහෙයුමක නිරතව සිටි මාදම්පේ පොලිසියේ කොස්තාපල්වරයකු අද දහවල් සැඩ පහරට හසුවි ගසා ගෙන ගොස් අතුරුදහන්ව ඇති බව මාදම්පේ පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ ගල්මුරුව ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල් රත්නායක මුදියන්සේලාගේ ඩිලාන් සම්පත් ( 29 ) හැවිරිදි ( 88587)නමැති අවිවාහක නිලධාරියෙකි.

කඩුපිටිඔය උතුරා පිටාර ගැලිම නිසා ගංවතුරට කොටු වු පිරිසක් බේරා ගෙන ඔවුන් ආරක්ෂිත ස්ථානයන් කරා ගෙන ඒමට ගිය පිරිසක් අතර මෙම නිලධාරියා ද සිටි බවත් කෙසේ හෝ ඔහු සැඩ පහරට හසුව ගසා ගෙන ගොස් අතුරුදහන්ව ඇති බවත් පොලිසිය කියයි.

අතුරැදහන් පොලිස් නිලධාරියා සොයා නාවික හමුදාවේ කිමිදුම් ඒකකයේ නිලධාරින් යොදවා මේ වන විට මෙහෙයුමක් දියත් කර ඇති බවත් මාදම්පේ පොලිසිය පවසයි.

මාදම්පේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

(මුන්නේශ්වරම සමුහ ඊ.සී.ප්‍රනාන්දු)

අදහස් 1ක් ඇත

jeewitha bera ganna giya obata ,,, jeewithya ahimi weyida?

නව අදහස දක්වන්න