ආපදා මරණ 21 දක්වා ඉහළට - UPDATE | දිනමිණ

ආපදා මරණ 21 දක්වා ඉහළට - UPDATE

පවතින අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ, මේ වනවිට පුද්ගලයින් 55,553 ක් කඳවුරු 265 රඳවා ඇති බව ය.

ගංවතුර හා නායයාම් හේතුවෙන් පිඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 153,712කි.

ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 105 ක් සහ අර්ධ නිවාස හානි 4,708 ක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

ආපදා මරණ 19 දක්වා ඉහළට - UPDATE

දිවයිනේ දිස්ත්‍රික්ක 19 කට බලපා ඇති ආපදා තත්ත්වය සමග මේ වන විට පවුල් 40,017 කට අයත් පුද්ගලයින් එක්ලක්ෂ 53,712 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 19ක් සහ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව සිටින බවයි.

පවුල් 14,265 කට අයත් පුද්ගලයින් 55,553 ක පිරිසක් අවතැන්ව සිටින අතර ඔවුන් ආරක්ෂිත ස්ථාන 265ක රඳවා සිටින බව ද එම මධ්‍යස්ථානයේ වාර්තා පෙන්වා දෙයි.

 


නව අදහස දක්වන්න

Or log in with...